කලා

ඇන්ටන් ගැන කුසල් කියන කතාව ජුනි 17දා එළිදකී

Published

on

නිදහස් වෙළෙඳකලාප හා පොදු සේවක සංගමයේ සම ලේකම් – ඇන්ටන් මාකස් මහතාගේ පනස් වසරක  වෘත්තිය සමිති දිවිය විවිරණය කරමින් ‘සීමා මායිම් නැති මානවවාදියා’ නමින් කෘතියක් ලබන සතියේදී එළිදැක්වීමට නියමිතය.

දේශපාලන විචාරක හා විශ්ලේෂක කුසල් පෙරේරා මහතා විසින් රචිත මෙම කෘතියේ ඉංග්‍රීසි අනුවාදය ‘Humanist Without Borders’ නමින්ද එළිදකිනු ඇත.

මෙම කෘති ද්විත්වය එළිදැක්වීමේ උළෙල ජුනි 17 වැනිදා ප.ව. 3.30 සිට කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වීමට නියමිතය.

ගෞරවලාභී මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා හා නවසීලන්තයේ ‘ෆස්ට් යුනියන්’ හි හිටපු සභාපති හා ප්‍රධාන ලේකම් වන රොබට් රීඩ් මහතා විසින් මෙහිදී ආරාධිත දේශන පවත්වනු ඇත.

මේ එළිදැක්වීම සම්බන්ධයෙන් ‘ශ්‍රී ලංකා මිරර්’ වෙත අදහස් දක්වමින් කුසල් පෙරේරා මහතා පැවසුවේ :

“ඇන්ටන් ගෙ අවුරුදු 50ක වෘත්තීය සමිති ජීවිතය මම මේ පොතේ පැල කරන්නෙ අපේ රටේ දේශපාලන වර්ධනය තුලයි. හේතුව ඇන්ටන් පක්ෂ දේශපාලනයක් නෙකරුවාට, අදේශපාලන සත්වයෙක් නෙවෙයි. ඒ නිසා මං උත්සාහ කෙරුවෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ, ජාත්‍යන්තර සම්මුතිවල තිබුණට, සේවා ගරුත්වයක්, සේවක අයිතිවාසිකම්, සාධාරණත්වයක්  වෙනුවෙන් ඇන්ටන් ඔහුගෙ ජීවිතය කැප කෙරුවට, එය මොන නමකින් හැදින්වුවත් ජාවාරම් කාරයින් එක්ක ලේසි පහසු නැහැ කියලා ඇන්ටන් ගෙ අත්දැකීම් මගින්ම කියන්න.”

Trending

Exit mobile version