කලා

ටේලර් ස්විෆ්ට්, ටයිම් සඟරාවේ වසරේ පුද්ගලයා වෙයි!

Published

on

වසර 2023 වෙනුවෙන් ටයිම් සඟරාවේ වසරේ පුද්ගලයා ලෙස ජනප්‍රිය ගායිකා – ටේලර් ස්විෆ්ට් නම් කර තිබේ.

මෙම ගෞරවය හිමිවන්නේ වසරක දී ගෝලීය මට්ටමෙන් වඩාත්ම බලපෑමක් ඇති කළ පුද්ගලයෙකු වෙනුවෙනි.

හිටපු ඇමෙරිකානු ජනපති – බැරැක් ඔබාමා, දේශගුණික විපර්යාස පිළිබඳ යොවුන් පරිසර ක්‍රියාකාරිනියක් වන ග්‍රේටා තුන්බර්ග් හා යුක්‍රේන ජනපති – වොලොඩිමියර් සෙලෙන්ස්කි වැනි චරිත ද මීට පෙර ටයිම් සඟරාවේ වසරේ පුද්ගලයා ලෙස නම් කෙරුණි.

මේ වසරේ ලොව පුරා අතිසාර්ථක ලෙස පැවැත්වුනු Eras සංගීත සංචාර පෙළ හේතුවෙන් ටේලර් ස්විෆ්ට් ගේ දක්ෂතා පිළිබඳව දිගින් දිගටම කතාබහට ලක්විය.

ටයිම් සඟරාව වෙත අදහස් දක්වමින් ටේලර් පවසා ඇත්තේ මේ ඇය මෙතෙක් වඩාත්ම සතුටු වූ හා  ආඩම්බර වූ මොහොත බවයි.

Trending

Exit mobile version