Connect with us

කලා

තලංගම ගුටි කෙළියෙන් පසුව දෙරණ තරු සොයුරා ශෛල්‍යකර්මයකට

Published

on

සතියේ දිනවල දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශයවන ‘සංගීතේ’ මෙගා ටෙලියේ රංඟනයෙන් දායක වන ලෝවන් අභිෂේක්ගේ සොහොයුරා වන ශානක උදීෂ්ගේ හිසෙහි ශෛල්‍යකර්මයක් කර ඇතැයි වාර්තා වේ.

පසුගිය සදුදා මේ ශෛල්‍යකර්මය කර ඇති බව මාධ්‍ය වාර්තා කර ඇති අතර ඒ ලෝවන් අභිෂේක්ගේ සොහොයුරා වන ශානක උදීෂ් ඇතුළු රියැලිටි රූපවාහිනී තරු කිහිප දෙනෙක් තලංගම පිටකෝට්ටේ ආපන ශාලාවකදී ඇතිවූ ගැටුමකදී පහර කෑමේ සිද්ධියක් නිසාය.

එම අවන්හලේ ඒක පුද්ගල සංගීත කණ්ඩායමක් ප්‍රසංගයක් පවත්වමින් සිටියදී ගීතයක් ගායනා කරන ලෙසට කළ ඉල්ලීමක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත මෙම ගැටුම හටගෙන ඇති බවයි.

පොලිසියට අනුව මේ ගැටුම ආරම්භ කර ඇත්තේ තරුව විසින් වන අතර පසුව ඔවුහු පුද්ගලයෙකුට පහර දී ඇති බව වාර්තා වේ.

පසුව එය දෙපිරිසක් අතර ගැටුමක් බවට වර්ධනය වී පුද්ගලයන් කිහිප දෙනෙකුට තුවාල සිදුවී ඇති බව පැවසේ.

සිද්ධියෙන් පහර කෑ ශානක උදීෂ ප්‍රතිකාර සඳහා මුලින් පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබේ.

පසුව ඔහුගේ හිසට බරපතල තුවාල සිදුව තිබූ බැවින් ඔහුව ශ්‍රී ජයවර්ධනපුර රෝහලට මාරුකර යවා ඇත.

මේ අතර, තවමත් රෝහලේ ප්‍රතිකාර ලබන ශානක උදීෂ පවසා ඇත්තේ සිද්ධියට ගොදුරු වූයේ තමන් බවයි.

සිද්ධිය විස්තර කරමින් ඔහු කියා ඇත්තේ මෙවැන්නකි.

ඉරිදා (13) මගේ බිරිඳ සහ මිතුරන් කිහිප දෙනෙකු ආහාර ගැනීම සඳහා කැෆේ එකට ගියා. ඒ වෙලාවේ වේදිකාවේ ගායකයා ශානකට ගිටාර් වාදනය කරන්න කියලා ආරාධනා කරලා තිබුණා. එවිට හදිසියේම කැෆේ වෙත ගිය යුවළක් ඔවුන්ට ගායනා කිරීම නවත්වන ලෙස කිව්වා. මිනිහා කිව්වා එයා කැෆේ එකේ අයිතිකාරයා කියලා. ශානක කිව්වේ එහි හිමිකරු යැයි කියන පුද්ගලයා කැෆේහි සැබෑ හිමිකරු නෙවෙයි කියල. ඔවුන් අඹුසැමියන් සමඟ ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම ගැටුම හටගෙන ඇති බවයි ඔහු කියා සිටියේ.

මේ අඹු සැමි යුවලගේ ගැටුමට පිටතින් එක්වූ අයෙක් ස්පැනරයකින් තම සැමියාට පහරදුන් බව උදීෂගේ බිරිඳ පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් බව වාර්තා වේ.

තලංගම පොලිසියට සහ 119 ට දැනුම් දීමෙන් අනතුරුව අඹුසැමි යුවළගේ සගයකු බව කියන පුද්ගලයා එම අවස්ථාවේම පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබේ.

Continue Reading

කලා

ටොම් කෲස්ගෙන් ගිනස් ලෝක වාර්තාවක්

Published

on

By

ටොම් කෲස් ‘Mission: Impossible – The Final Reckoning හි ඊතන් හන්ට් ලෙස ඔහුගේ චරිතය නැවත පන පොවන අතර ඒ  ලෝක වාර්තාවක් ද සමඟය.බොක්ස් ඔෆිස් වාර්තා කිහිපයක් බිඳ දැමීමෙන් පසුව ඔහු මෙලෙස ගිනස් ලෝක වාර්තාව දිනා ඇත. ගිනස් ලෝක වාර්තා පොතට අනුව, කෲස්  “තනි පුද්ගලයෙකු විසින් වැඩිපුරම දැවෙන පැරෂුට් පැනීම්” සිදු කර ඇති අතර, ඔහුගේ පැනීම් ගණන 16 වතාවක් ලෙස සටහන් වේ. 

නව චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුර දකුණු අප්‍රිකාවේ මෙම ක්‍රියාන්විතය සිදු කරන ලද අතර, එය මේ වන විට ප්‍රේක්ෂකයින් මවිතයට පත් කර තිබේ. 

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ලොව පුරා සිනමා ශාලාවල ඩොලර් මිලියන 389ක දැවැන්ත ආදායමක් ද ලබාගෙන ඇති බවය . 

රසිකයින්ගේ ප්‍රියතම ‘Mission: Impossible’ චිත්‍රපට මාලාව 1996 දී ටොම් කෲස් ප්‍රථම වරට රහස් නියෝජිත ඊතන් හන්ට් ලෙස රඟපෑමට එක්විය.

Continue Reading

කලා

අනුදි ගුණසේකර හරසරින් පිළිගනී

Published

on

By

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉන්දියාවේ පැවති 72 වැනි ලෝක රූ රැජින තරගය සඳහා සහභාගී වූ අනුදි ගුණසේකර අද (02) යළි දිවයිනට පැමිණ තිබේ.   

එහි අවසන් මහා තරගය පසුගිය මැයි මස 31 වැනිදා ඉන්දියාවේ තෙලඟනා හි හයිද්‍රාබාද් නුවර දී පැවැත්වුණු අතර ලොව පුරා රටවල් 108 ක තරගකාරිණියන් සහභාගී වී සිටියහ.

පසුගියදා ආරම්භ වූ ලෝක රූ රැජිණ තරගාවලිය විවිධ අංශ යටතේ පැවැත්විණි. එම තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග කළ අනුදි ගුණසේකරට අවසන් 40 දෙනා අතර පිවිසීමේ හැකියාව අහිමි වූ අතර ඒ අනුව ශ්‍රී ලංකාවේ ලෝක රූ රැජින බලාපොරොත්තුව ද බිඳවැටුණි.

එ‍මෙන්ම 72 වැනි ලෝක රූ රැජින තරගාවලියේ දී පසුගිය දා පැවැති තරගවලින් කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට අනුදි ගුණසේකර සමත්වූ  අතර හෙඩ් ටු හෙඩ් සහ මල්ටිමීඩියා අංශවල අවසන් වටයන් සඳහා සුදුසුකම් ලබා ගැනීමට ඇය සමත් වුවාය.

ඒ මෙරට ඉතිහාසයේ පළමුවරට එම අංශවලින් අවසන් වටයන් සඳහා සුදුසුකම් ලැබූ පළමු ශ්‍රී ලාංකික තරගකාරිනිය බවටද පත්වෙමිනි.    

Continue Reading

කලා

ලෝක රූ රැජින තරගයේ අවසන් තරගය අද

Published

on

By

ඉන්දියාවේ පැවැත්වෙන 72වැනි ලෝක රූ රැජින තරගයේ අවසන් මහා තරගය අද (31) පස්වරුවේ හයිද්‍රාබාද් හි  HITEX සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වේ.

ලොව පුරා රූප රාජිනියන් 100කට අධික දෙනෙකු ‘2025 ලෝක රූ රැජින’ කිරුළ තමන් සතු කරගැනීමේ අරමුණින් අද තරග වඳිනු ඇත.

මාසයක් පුරා විවිධ තේමා යටතේ මෙහි එක් එක් අදියර පැවැත්විණි.

අවසන් මහා තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 6.30ට ආරම්භවීමට නියමිතය.

පසුගිය මැයි 10වනදා සිට ක්‍රියාත්මක වන මෙවර ලෝක රූ රැජින තේරීමේ ආකෘතියට අනුව, අර්ධ අවසන් පූර්ව වටයට 40 දෙනෙකු තෝරාගනු ලබයි.

ඉන් 18 දෙනෙකු දැනටමත් එම අවස්ථාව හිමිකරගෙන සිටියි. ඒ පසුගිය දින කිහිපයේ එක් එක් තේමා යටතේ පැවැත් වූ ඉසව් හරහා දැක්වූ දක්ෂතා මත.

කෙසේ නමුත් එම 18දෙනා අතර අනුදි නොමැති අතර, අද පැවැත්වෙන අදියරේ දක්වන දක්ෂතා අනුව ඇගේ අර්ධ අවසන් පූර්ව වටයේ සුදුසුකම් ලැබීම තීරණය වනු ඇත.

අර්ධ අවසන් පූර්ව වටයේදී සෑම මහාද්වීපික කලාපයකින්ම 10 දෙනෙකු තෝරාගනු ලබයි.

ඉන් 5 දෙනෙකු තෝරාගෙන ඔවුන් අතරින් ලෝකයම අපේක්ෂාවෙන් බලා සිටින ලෝක රූ රැජින තෝරාගනු ඇත.

අවසන් මහ තරගය 2016 ලෝක රූ රැජින කිරුළ දිනාගත් ස්ටෙෆනි ඩෙල් වැලේ සහ ප්‍රවීණ ඉන්දියානු නිවේදකයෙක් වන සචින් කුම්භාර් විසින් මෙහෙයවනු ඇත.

එමෙන්ම සුරූපී බොලිවුඩ් තාරකාවක් මෙන්ම ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විශ්ව රූ රැජින තරගයට සහභාගි වූ ජැක්ලින් ෆර්ඩිනැන්ඩස් සහ ජනප්‍රිය නළු ඉෂාන් කට්ටර් මෙහිදී ආකර්ශනීය රංගනයන් ඉදිරිපත් කිරීමට නියමිතය.

පසුගිය දිනවල එක් එක් තේමා යටතේ පැවැත් වූ අභියෝග ජයගත් රූ රැජිනියන්

Sports Challenge – එලිස් රැන්ඩ්මා (එස්තෝනියාව)

Talent Challenge – මොනිකා කෙසියා සෙම්බරිං (ඉන්දුනීසියාව)

Head-to-Head Challenge – 

ආසියාව සහ ඕෂනියාව – ඉඩිල් බිල්ගන් (තුර්කිය)

යුරෝපය – මිලී-මේ ඇඩම්ස් (වේල්සය)

අප්‍රිකාව – ෆේත් බ්වාල්යා (සැම්බියාව)

අමෙරිකානු සහ කැරිබියන් – ඇනා-ලීස් නැන්ටන් (ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ)

Top Model Competition – 

යුරෝපය – ජැස්මින් ගෙර්හාර්ඩ් (අයර්ලන්තය)

අප්‍රිකාව – සෙල්මා කමන්යා (නැමීබියාව)

ආසියාව සහ ඕෂනියාව – නන්දිනි ගුප්තා (ඉන්දියාව)

අමෙරිකානු සහ කැරිබියන් – ඕරේලි ජෝකිම් (මාටිනික්)

Beauty With a Purpose – 

වැලේරියා පෙරෙස් – (පුවර්ටෝ රිකෝ)

නටාෂා නියොන්යෝසි – (උගන්ඩාව)

මිලී-මේ ඇඩම්ස් – (වේල්සය) 

මොනිකා කෙසියා – (ඉන්දුනීසියාව)

Multimedia Challenge – 

ආසියාව සහ ඕෂනියාව – ඔපල් සුචාටා (තායිලන්තය)

යුරෝපය – ඇන්ඩ්‍රියා නිකොලික් (මොන්ටිනිග්‍රෝ)

අප්‍රිකාව – කේන්ද්‍රා ඉසී (කැමරූන්)

අමෙරිකා සහ කැරිබියන් – මයිරා ඩෙල්ගාඩෝ (ඩොමිනිකන් ජනරජය)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved