කලා

ප්‍රවීණ රංගන ශිල්පී ජී. ආර්. පෙරේරා මහතා දිවියෙන් සමුගනියි

Published

on

ප්‍රවීණ රංගන ශිල්පී ජී. ආර්. පෙරේරා අද (01) අභාවප්‍රාප්ත වී තිබේ.

කලක් අසනීප තත්ත්වයකින් පසුවූ ඔහු මිය යනවිට 83 වියේ පසු විය.

ගල්හේනගේ රත්නපාල පෙරේරා හෙවත් ජී. ආර්. පෙරේරා මහතා, 1961 වසරේදී කලා ක්ෂේත්‍රයට පිවිසි අතර, සුගතපාල ද සිල්වා මහතාගේ ‘අපේ කට්ටිය’ නාට්‍ය කණ්ඩායමේ සාමාජිකයෙක් වුණු ඔහු එම කණ්ඩායම විසින් නිර්මාණය කරන ලද බෝඩිංකාරයෝ වේදිකා නාට්‍යයෙන් සිය කලා දිවිය ආරම්භ කළේය.

පසුව සිනමා ක්ෂේත්‍රයට එන ඔහු වැලිකතර, කරුමක්කාරයෝ, ගිනි අවි සහ ගිනි කෙළි, අස්වැසුම ආදී සම්මානනීය සිනමා නිර්මාණ රැසකට රංගනයෙන් දායක වී තිබෙන අතර, ඔහු ඉන්දියානු, ඇමරිකානු සහ ජර්මානු චිත්‍රපට තුනක් ඇතුළුව විදේශීය චිත්‍රපට හයකට රංගනයෙන් දායක වී ඇත.

පසුව ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට එන ඔහු දශක පහකට අධික කාලයක් රූපවාහිනී කතාමාලා 600කට අධික සංඛ්‍යාවක රඟපා තිබේ. තිස්ස අබේසේකර අධ්‍යක්ෂණය කළ ‘‘තුන්කල් සිහිනය’’ ටෙලි කතාමාලාව ඔහුගේ මංගල රූපවාහිනී රංගනයයි.  “දූ දරුවෝ” කතා මාලාවේ “මලකඩ බාස්” චරිතය ඔහුගේ ටෙලිනාට්‍ය ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය ලෙස සැලකේ.

Trending

Exit mobile version