කලා

බොලිවුඩ් සුපිරි නළු ශාරුක් ඛාන් ශ්‍රී ලංකාවට?

Published

on

බොලිවුඩයේ රජු හෙවත් ඉන්දීය සුපිරි නළු ෂාරුක් ඛාන් ලබන අගෝස්තු 02 වැනිදා මෙරටට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

ඒ  City of Dreams Sri Lanka ව්‍යාපෘතිය නිල වශයෙන් විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙනි.

ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් (JKH) සහ මෙල්කෝ රිසෝර්ට්ස් ඇන්ඩ් එන්ටර්ටේන්මන්ට් (MRE) විසින් මෙම ව්‍යාපෘතිය සිදුකරනු ලබයි. ජාත්‍යන්තර ප්‍රමිතියෙන් හා සියලු පහසුකම්වලින් සමන්විත කැසිනෝ ශාලාවක්, අධි සුඛෝපභෝගී හෝටල් සංකීර්ණයක් සහ සුපිරි සාප්පු සංකීර්ණයකින් එම ව්‍යාපෘතිය සමන්විත වේ.

දකුණු ආසියාවේ පළමු පූර්ණ ඒකාබද්ධ සංචාරක හෝටල් සංකීර්ණය මෙය වන අතර එය පෞද්ගලික අංශය විසින් සිදු කරනු ලබන විශාලතම ආයෝජනය ලෙස සැලකේ.එහි වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 1.2 කට අධික වේ. ශ්‍රී ලංකාව ගෝලීය සංචාරක සිතියමේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම එම ව්‍යාපෘතියේ අරමුණු වී තිබේ.

මෙම අවස්ථාවට සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ පැමිණීම පිළිබඳ ඉඟියක් ලබාදෙන පූර්ව ප්‍රචාරක දැන්වීමක් සංවිධායකයින් විසින් මේ වනවිට සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබේ.

වැඩිදුරටත් වාර්තා වෙන්නේ මෙම උත්සවයට ජාත්‍යන්තර සුප්‍රකටයින්, ආයෝජකයින් සහ මාධ්‍යවේදීන් සහභාගි වීමට නියමිත බවය.

A special someone is on the way. This one’s going to be iconic. 👑 #GuessWho #COD #CinnamonLife

Posted by City of Dreams Sri Lanka on Thursday, June 26, 2025

Trending

Exit mobile version