කලා

සිනමාවට හා රූපවාහිනියට ස්වාධීන නියාමන ආයතනයක්!

Published

on

සිනමා සහ රූපවාහිනී කර්මාන්තය නගා සිටුවීම උදෙසා අවශ්‍ය පහසුකම් සැලසීමට හා මග පෙන්වීම පිණිස ස්වාධීන නියාමන ආයතනයක් ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.

දේශීය සිනමාවේ අභිවෘද්ධිය සඳහා 1971 අංක 47 දරන රාජ්‍ය චිත්‍රපට සංස්ථා පනත යටතේ රාජ්‍ය චිත්‍රපට සංස්ථාව ස්ථාපිත කර ඇති අතර, 1980 වර්ෂයේදී එය ජාතික චිත්‍රපට සංස්ථාව ලෙස නම් කරන ලදී.

කෙසේවෙතත්, මේ වන විට ගැටලු රැසකට මුහුණ දෙමින් දැඩි පසුබෑමකට ලක් වී ඇති චිත්‍රපට කර්මාන්තය යළි නගා සිටුවීම සඳහා නියාමන කාර්යයෙහි නියැලෙන ස්වාධීන ආයතනයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය මෙන්ම රූපවාහිනී කර්මාන්තයේ ප්‍රගමනය උදෙසා අවශ්‍ය මග පෙන්වීම සඳහා ද එම කර්මාන්තය නියාමනය කිරීම පිණිස ස්වාධීන ආයතනයක් පැවතීමේ යෝග්‍යතාව පෙනී යාමත් සමග මෙම යෝජනාව ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සිදුකර තිබේ.

Trending

Exit mobile version