කලා

Forbes  සඟරාවට  ලංකාවේ නම් තුනක්

Published

on

Forbes සඟරාව විසින් පළකළ ආසියාවේ අවුරුදු 30න් පහළ විශිෂ්ඨයන් 30 දෙනාගේ නම් ලැයිස්තුවට ශ්‍රී ලාංකිකයන්  තිදෙනෙක්ගේ නම් ඇතුළත්ව තිබේ.

Forbes සඟරාව විසින් වාර්ෂිකව ප්‍රකාශයට පත් කරනු ලබන, විවිධ ක්ෂේත්‍රවල අවුරුදු 30 ට අඩු කැපී පෙනෙන පුද්ගලයින් ඇතුළත් Forbes 30 Under 30 ලැයිස්තුව සඳහා ශ්‍රී ලාංකිකයින් තිදෙනෙක් ඇතුළත් කර තිබේ.

ඒ අනුව The Arts (Art & Style, Food & Drink) අංශයෙන් එම ලැයිස්තුව සඳහා Wild Cookbook හි චරිත් සිල්වා ඇතුළත් වී තිබේ.. Wild Cookbook YouTube නාලිකාව පසුගියදා Subscribers මිලියන 10 සීමාව ඉක්මවා යාමට සමත් වූ අතර, එම සීමාව ඉක්මවා ගිය ශ්‍රී ලංකාවේ පළමු YouTube නාලිකාව වන්නේ ද Wild Cookbook YouTube නාලිකාවයි.

Social Media, Marketing & Advertising අංශයෙන් නිකින් මාතරආරච්චි තේරීපත්ව ඇති අතර ඔහු ශ්‍රී ලාංකික සමාගමක් වන Synapse AI Labs සමාගමේ නිර්මාතෘවරයා ය. AI තාක්ෂණයෙන් නිර්මාණය වී ඇති වි‍ශ්ලේෂණ කටයුතු සඳහා යොදාගන්නා Kommon Poll එම සමාගම සතු නිර්මාණයකි.

Retail & Ecommerce අංශයෙන් Forbes 30 Under 30 Asia ලැයිස්තුවට යානිකා අමරසේකර ද නම් කර ඇති අතර, ඇය විවාහ උත්සව සඳහා තෑගි වෙන් කිරීමට ශ්‍රී ලංකාවේ පළමු වරට ආරම්භ කළ ඩිජිටල් වේදිකාව වන Silver Aisle හි නිර්මාතෘවරිය යි.

Trending

Exit mobile version