විශේෂාංග

ජාත්‍යන්තර කාන්තා දිනය අදයි

Published

on

ජාත්‍යන්තර කාන්තා දිනය අදට (08) යෙදි තිබේ.

කෙටියෙන් IWD ලෙස හැඳින්වෙන ජාත්‍යන්තර කාන්තා දිනය, එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) විසින් පිළිගත් වාර්ෂික උත්සවයක් බවට පත්වීම දක්වා කම්කරු ව්‍යාපාරය හරහා වර්ධනය වූවකි.

එහි මුල් බීජ රෝපණය වූයේ, 1908 වසරේදී කාන්තාවන් 15,000ක් වැඩ කරන පැය ගණන අඩු කිරීම, වඩා හොඳ වැටුප් සහ ඡන්ද අයිතිය ඉල්ලා නිව් යෝර්ක් නගරය හරහා පෙළපාළියක නිරත වීමත් සමග ය. ඉන් වසරකට පසු ඇමෙරිකාවේ සමාජවාදී පක්ෂය පළමු වරට ජාතික කාන්තා දිනය ප්‍රකාශයට පත් කළේ ය.

එම දිනය ජාත්‍යන්තර දිනයක් බවට පත් කිරීම පිළිබඳ අදහස ඉදිරිපත් කළේ, කොමියුනිස්ට් ක්‍රියාකාරිනියක සහ කාන්තා හිමිකම් පිළිබඳ නීතිඥවරියක වූ ක්ලාරා සෙට්කින් නම් කාන්තාව ය. ඇය එම යෝජනාව 1910 වසරේදී කෝපන්හේගන්හි පැවති වැඩ කරන කාන්තාවන් පිළිබඳ ජාත්‍යන්තර සමුළුවකදී ඉදිරිපත් කළා ය. එම සමුළුවට රටවල් 17ක් නියෝජනය කරමින් කාන්තාවන් 100 දෙනෙකු සහභාගි වූ අතර,ඇයගේ යෝජනාව ඒකමතිකව පිළිගැනිණි.

ජාත්‍යන්තර කාන්තා දිනය නිල වශයෙන් ප්‍රකාශයට පත් වූයේ, 1975 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම දිනය සැමරීමට පටන් ගත් පසුව ය.

1996 වසරේදී මේ සඳහා වන පළමු තේමාව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් හඳුන්වා දුන් අතර, එම තේමාව වූයේ, “අතීතය සැමරීම සහ අනාගතය සැලසුම් කිරීම” (Celebrating the Past, Planning for the Future) ය.

එතැන්  සිට වර්තමානය දක්වා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සියලු සාමාජික රටවල් විසින් සෑම වර්ෂයකම මාර්තු 08 වැනි දින ජාත්‍යන්තර කාන්තා දිනය සමරනු ලැබේ.

“සියලුම කාන්තාවන් සහ ගැහැණු දරුවන් සඳහා අයිතිවාසිකම් ,සමානත්වය සවිමත්කිරීම” (For ALL Women and Girls: Rights. Equality. Empowerment) එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙවර තේමාවයි.

අද දිනයට සමගාමීව “තැනුමට තිරසර හෙටක් – සවිමත් ඇය වේ මගක්” යන්න ප්‍රධාන තේමාව කරගනිමින්  ජාතික, පළාත් , දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇත.

මේ අතර අදට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය විසින් ද විශේෂ කාන්තා දින පණිවිඩයක් නිකුත් කර තිබේ. 2025 ජාත්‍යන්තර කාන්තා දිනය: සාමූහික ක්‍රියාමාර්ග සඳහා තීරණාත්මක කාලයක් මැයෙන් සඳහන් එම සම්පූර්ණ පණිවුඩය පහතින්,

Trending

Exit mobile version