විශේෂාංග

“යුක්තියේ ඇය”ගේ දිනය

Published

on

අද (මාර්තු 10)  කාන්තා විනිසුරුවරියන් සඳහා වෙන්වූ ජාත්‍යන්තර දිනය (International Women Judges Day) යි.

ලොව පුරා කාන්තා විනිසුරුවරුන්ගේ දායකත්වය හඳුනා ගැනීම සඳහා සෑම මාර්තු 10 වන දිනම කාන්තා විනිසුරුවරුන්ගේ ජාත්‍යන්තර දිනය පවත්වනු ලැබේ.

මෙම දිනය සැමරීම ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහතික කිරීම සහ ස්ත්‍රී පුරුෂ භාවය ආශ්‍රිත අධිකරණ අඛණ්ඩතාව පිළිබඳ ගැටළු විසඳීම සඳහා වන ගෝලීය උත්සාහයේ කොටසකි.

ශ්‍රී ලංකාවේ අධිකරණ ක්ශේත්‍රයේද කාන්තා දායකත්වය මේ වනවිට ඉතා කැපී පෙනෙන තත්ත්වයකි.

අගවිනිසුරු ධුරයේ මේ වනවිට කටයුතු කරන්නේ මුර්දු නිරූපා බිඳුෂිණි ප්‍රනාන්දුය. මෙරට අගවිනිසුරු ධුරයට පත් දෙවැනි කාන්තාව ලෙසත්, ශ්‍රී ලංකාවේ 48 වැනි අගවිනිසුරු ලෙසත් මුර්දු ප්‍රනාන්දු ඉතිහාසයට එක්වී තිබේ.

මෙරට මහෙස්ත්‍රාත් අධිකරණයන්හි ප්‍රධානතම මහෙස්ත්‍රාත් අධිකරණය වන කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය ලෙස තනුජා ලක්මාලි
මහත්මිය ත් කොටුව නව මහෙස්ත්‍රාත්වරිය ලෙස නිලුපුලී ලංකාපුර  මහත්මියත් කටට්යුතු කරයි.

Trending

Exit mobile version