ලෝක ඔටිසම් දැනුවත් කිරීමේ දිනය අද (02) ට යෙදී තිබේ.
වර්තමානයේ දිනෙන් දින ඔටිසම් රෝගයට ගොදුරු වන ප්‍රමාණය ඉහළ යමින් තිබෙන පසුබිමක ඒ ආශ්‍රිතව දැනුම්වත් කිරිමේ අභිප්‍රාය මත 2007 දෙසැම්බර් 18 වන දින දි ‘අප්‍රේල් 02’ දින ‘ලෝක ඔටිසම් දැනුම්වත් කිරීමේ දිනය ලෙසට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සම්මත කරන ලදී.
මෙම දිනය සැමරීම මඟින් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ලෝක ප්‍රජාවගේ සැලකිය යුතු අවධානය ලබාගැනීම අපේක්ෂිත ය.
ඔටිසම් රෝගී තත්ත්වය ප්‍රථමයෙන් ම හඳුනා ගත්තේ 1943 දී ඇමරිකාවේ වෛද්‍යවරයෙකු වූ ලියෝ කැනර් ( Leo Kanner) විසිනි.
ඒ සෙමෙන් වැඩෙන මනසක් ඇති දරුවන් ලෙසට ය.
ඔටිසම් හඳුනා ගත හැකිද?
මුල් අවධියේම ඔටිසම් ආශ්‍රිතව සැළකිල්ලට ගත යුතු ලක්ෂණ වේ. එනම්,
• මාස 12 ක් වන විට දරුවා බහ තේරීමේ ප්‍රමාදයක් දැකිය හැකි වීම.
• මාස 12 ක් වන විට දරුවා ඇගිල්ල දිගු කොට තම අවශ්‍යතාවයන් ප්‍රකාශ නොකිරීම.
• මාස 16 ක් වන විට දරුවා තනි වචන නොපවැසීම.
• මාස 24 ක් වන විට දරුවා වචන දෙකක් සහිත වාක්‍ය නොපැවසීම.
• ඕනෑම අවධියකදී දරුවා ලබා ගත් වර්ධන කුසලතා නැතිවී යා හැකි වීම.
ඕට්සම් තත්වයේ මූලික ලක්ෂණ ලෙස හැඳින්වේ.
ඔටිසම් රෝගයට ගොදුරු වූවා යැයි කියා බාහිරින් හෝ ශාරීරිකව හෝ වෙනස් ලක්ෂණයන් හඳුනාගත නොහැකි ය. සමාජශීලිව තව කෙනෙකු සමඟ සම්බන්ධ වීම හා අදහස් ප්‍රකාශ කිරීමේ දී මතුවන ගැටලු මෙහිදී දැකගත හැකි ය.
ඔටිසම් හඳුනා ගැනීමේ හොඳම නිර්ණායක වන්නේ දරුවාගේ සංවර්ධනය ගැන මනා අවබෝධයකින් කටයුතු කිරීම ය.
ඔටිසම් තත්ත්වයේ පරාසය හඳුනාගෙන වෘත්තීය චිකිත්සාව , කථන පුහුණුව ඇතුළු චර්යාමය පුහුණුව ලබා දීම සිදු කරයි.
මෙවර ලෝක ඔටිසම් දැනුවත් කිරීමේ දිනයේ තේමාව වී ඇත්තේ, “”ස්නායු විවිධත්වය දියුණු කිරීම සහ එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක (“Advancing Neurodiversity and the UN Sustainable Development Goals ) යන්නයි.
සමාජීය හා වාචික සන්නිවේදන හෝ තර්කානුකූලව සිතීමේ දුර්වලතා සහිත ඔටිසම් රෝගයට ගොදුරු වූවන්ගේ ජිවිතයේ සෑම අදියරකදී ම ඔවුන්ගේ අවශ්‍යතා, යහපැවැත්ම වෙනුවෙන් පෙනී සිටිමින් ඔවුන්ගේ සියලු මානව අයිතිවාසිකම් රැක ගනිමින් පූර්ණ සහ තෘප්තිමත් ජිවිතයක් භුක්ති විඳීමේ අවස්ථාව සහතික කිරීම මත ඔවුන්ගේ ආත්ම අභිමානය ලබා දීම සියල්ලන්ගේම වගකීමක් ය.