Connect with us

විශේෂාංග

රොෂේන් අමතක නොවන මතකය

Published

on

පුද්ගලික ආයතන සේවකයින්ගේ විශ්‍රාම වැටුප් පනත් කෙටුම්පතට එරෙහිව විරෝධතා ව්‍යාපාරයක නියැළෙමින් සිටියදී පොලිස් වෙඩි ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත්වූ කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ සේවකයෙකු වූණු රොෂේන් චානකගේ අම්මා ගාලු මුවදොර අරගල භූමියට එක්වුණා.

දිනය 2011 මැයි මාසේ 30 වැනිදා පෞද්ගලික අංශයේ සේවකයින්ට විශ්‍රාම වැටුපක් එහෙම නැත්නම් පෙන්ශන් එකක් නැහැ. රැකියාව හමාර කෙරෙන කාලෙක ඔවුන්ට තියෙන එක ම බලාපොරොත්තුව ඊ.පී.එෆ් එක.

එවකට රාජපක්ෂ පාලනය විසින් ඒකටත් විදින්න සූදානම් වුණු මොහොතක ඊට එරෙහිව නැඟිච්චි කටුනායක වෙළඳ කලාපයේ කම්කරු අරගලය ඉතාම තිරිසන් විදිහට ආණ්ඩුවේ නිළ පොලිසිය යොදවලා සමතලා කෙරුණා. නිකම්ම නෙවෙයි මිනිස් බිල්ලකුත් අරගෙන. ඒ රොශේන් චානක.

එදා පොලීසියට ලැබුණු නියෝගය අනුව උන් විරෝධතාවයට වෙඩි තිබ්බා. දුවන මිනිසුන්ට ගැහැණුන්ට අන්ත තිරිසන් විදිහට පහර දුන්නා. ගැබිණියන්ට පවා පහර දුන්නා. සේවකයන් වැඩට ආපු බයිසිකල් වලටත් ගිනි තිබ්බා. වෙඩි වැදිලා වැටිලා ඉඳපු රොශේන්ව ඉස්පිරිතාලෙකට ගෙනියන්න නොදී රඳවාගෙන හිටියා.

අවසානයේ දී ආණ්ඩුවේ වංචාකාරී පනත අකුලා ගන්න වුණා. කැළඹිල්ල වහගන්න පොලිස්පති ඉල්ලා අස්වුණා. ඉල්ලා අස් වුණු පොලිස්පතිට ආණ්ඩුවෙන් තානාපති කමක් ලැබුණා. දරු කැක්කුම, විඳ දරාගන්න බැරි ශෝකය මැද්දෙම අම්මා කෙනෙක්ට කරන්න පුළුවං ලොකුම අසාධරණය කරමින් රොශේන්ගෙ ජීවිතයට මිලක් නියම කරපු ආණ්ඩුව ඒ අම්මගෙ අසරණකමත් මාධ්‍ය ඉදිරියේ වෙන්දේසි කරලා ශුද්ධවන්තයින් වුණා.

දැන් අවුරුදු 11ක්. රොශේන්ලා විරෝධතා කළේ ජනාධිපති මන්දිරය ඉස්සරහා නෙවෙයි, තමුන් වැඩ කරපු කම්හල් ඉස්සරහ. වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් උද්ඝෝෂණය කරන්න කම්කරුවන්ට තියෙන අයිතිය අමුඅමුවේම උල්ලංඝනය කරමින් අහිංසක කොල්ලෙක්ගෙ ජීවිතේ බිලිගත්තු මිනීමරු රාක්ෂයින්ට දැන්වත් දඬුවම් ලැබෙන්න ඕනෙ.

අරගලභූමියට ආපු රොෂේන්ගේ අම්මා මෙහෙම කියනවා

“මගෙන් ඇහුවා වාර්තාව ඕනද කියලා. පිටුවයි දෙකයි කිව්වා තියෙන්නේ. කොහොමහරි තොරතුරු දැනගැනීමේ පනත මගින් අපිට ලබාගන්න හම්බවුණා පුතාගේ වාර්තාව. ඒ වුනත් නඩුව යනවා තාමත් අවුරුදු 11ක් තිස්සේ මීගමුවේ මහාධිකරණයේ. තවත් නැහැ ඒකට විසඳුමක්. සාධාරණය ඉෂ්ඨවෙලා නෑ. මගේ දරුවා වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ඨ කරන්න කියල මම ඉල්ලනවා. එකළ පොලිස්පතිට දඬුවම විදියට හම්බවුණේ බ්‍රසීලයේ තානාපතිකම. ඒක තමයි හොඳම වැඩේ. මගේ පුතා කම්කරුවන් වෙනුවෙන් ජීවිතය පූජා කරලා. ඒ අයගේ අර්ථසාධකය ඉතුරු කරලා දීලා තියෙනවා. මගේ පුතා වීරයෙක් කියලා මම මේ වෙලාවේ කියනවා.”

රන්දි කිඳෙල්පිටිය

විශේෂාංග

ලොවම කම්පා කල වසරේ ඡායාරුව

Published

on

By

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් අත් දෙකම අහිමි වූ ගාසා තීරයේ තරුණ පලස්තීන පිරිමි ළමයෙකුගේ ඡායාරූපයක් වසරේ මාධ්‍ය ඡායාරූපය ලෙස නම් කර ඇත.

කටාර් සිට ගාසා තීරයට පැමිණි ඡායාරූප ශිල්පියෙකු වන සමර් අබු එලූෆ් (Samar Abu Elouf) විසින් මෙම ඡායාරූපය ගෙන තිබේ.

මෙම ඡායාරූපයේ සිටින්නේ 9 හැවිරිදි මහමුද් අජ්ජෝර්ය.

බෝම්බ ප්‍රහාරයකින් පළමුව ඔහුගේ එක් අතක් ඉවත්කිරීමට සිදුව ඇති අතර, ඉන් මාස 3කට පසු අනෙක් අතද ඉවත්කර තිබේ.

මෙම ඡායාරූප ශිල්පියා අජ්ජෝර් සහ ඔහුගේ පවුලේ අයව වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා ඔහු පදිංචිව සිටින දෝහා වෙතද ගෙනගොස් ඇත.

අබු එලූෆ් තමන් මෙම ඡායාරූපය ගැනීමේ දී දෑත් දෙකම අහිමි වූ මහමුද්ගේ මව කළ කථාවක් සංවේදීව විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත.

“මහමුද්ගේ මව මට කියපු දුක්ඛිතම කථාව තමයි තම පුතාට දෑත් දෙකම අහිමි බව දැනුම්දීම.

ඇය ඔහුට දෑත් දෙකම අහිමි බව පැවසූ විට මහමුද්ගේ පිට වූ වාක්‍යය වූණේ දැන් මම කොහොමද ඔබව වැළඳ ගන්නේ”.

Continue Reading

පුවත්

නි. ඇමතිවරයා කොහොල්ල බබාගේ තත්ත්වයට… (වීඩියෝ)

Published

on

By

නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ සිය කීර්ති නාමයට හානිකර ඇතැයි පැමිණිල්ලක් කර ඇති බව මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි.

මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ, ඔහුගේ කීර්ති නාමයට හානියක් වූයේ කෙසේදැයි තමන් නොදන්නා නමුත් එසේ වී ඇත්නම් කරන්න දෙයක් නැති බවය.

මෙම සිදුවීම නීතිය හමුවට ගෙන යෑමෙන් ඔහුට විරුද්ධ ප්‍රචාරයන් තවත් වැඩි වී හානිය ඉහළ ගොස් ඇති බවත් අවසානයේ නි. ඇමතිවරයා කොහොල්ල බබාගේ තත්ත්වයට පත්ව ඇති බවත් මහාචාර්ය නිර්මාල් පවසයි.

කෙසේ වුව ද ධර්මය රකින්නා ධර්මය විසින් රකින්නා සේ ඉහළ ආචාර ධාර්මික ගුණයකින් යුතුව සමාජ මාධ්‍ය පරිහරණය කරන කෙනෙකුට එම ආචාර් ධර්ම නොතකා යම් අයෙකු පහර දේ නම් එසේ පහර දෙන්නාට විශාල හානියක් වන බවත් ඔහුට කිසිදු හානියක් නොවන බවත් නිර්මාල් දේවසිරි අවධාරණය කරයි.

Continue Reading

විශේෂාංග

ලෝක ඔටිසම් දැනුවත් කිරීමේ දිනය අද යි

Published

on

By

ලෝක ඔටිසම් දැනුවත් කිරීමේ දිනය අද (02) ට යෙදී තිබේ.

වර්තමානයේ දිනෙන් දින ඔටිසම් රෝගයට ගොදුරු වන ප්‍රමාණය ඉහළ යමින් තිබෙන පසුබිමක ඒ ආශ්‍රිතව දැනුම්වත් කිරිමේ අභිප්‍රාය මත 2007 දෙසැම්බර් 18 වන දින දි ‘අප්‍රේල් 02’ දින ‘ලෝක ඔටිසම් දැනුම්වත් කිරීමේ දිනය ලෙසට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සම්මත කරන ලදී.

මෙම දිනය සැමරීම මඟින් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ලෝක ප්‍රජාවගේ සැලකිය යුතු අවධානය ලබාගැනීම අපේක්ෂිත ය.

ඔටිසම් රෝගී තත්ත්වය ප්‍රථමයෙන් ම හඳුනා ගත්තේ 1943 දී ඇමරිකාවේ වෛද්‍යවරයෙකු වූ ලියෝ කැනර්  ( Leo Kanner)  විසිනි.

ඒ සෙමෙන් වැඩෙන මනසක් ඇති දරුවන් ලෙසට ය.

ඔටිසම් හඳුනා ගත හැකිද?

මුල් අවධියේම ඔටිසම් ආශ්‍රිතව සැළකිල්ලට ගත යුතු ලක්ෂණ වේ. එනම්,

• මාස 12 ක් වන විට දරුවා බහ තේරීමේ ප්‍රමාදයක් දැකිය හැකි වීම.
• මාස 12 ක් වන විට දරුවා ඇගිල්ල දිගු කොට තම අවශ්‍යතාවයන් ප්‍රකාශ නොකිරීම.
• මාස 16 ක් වන විට දරුවා තනි වචන නොපවැසීම.
• මාස 24 ක් වන විට දරුවා වචන දෙකක් සහිත වාක්‍ය නොපැවසීම.
• ඕනෑම අවධියකදී දරුවා ලබා ගත් වර්ධන කුසලතා නැතිවී යා හැකි වීම.

ඕට්සම් තත්වයේ මූලික ලක්ෂණ ලෙස හැඳින්වේ.

ඔටිසම් රෝගයට ගොදුරු වූවා යැයි කියා බාහිරින් හෝ ශාරීරිකව හෝ වෙනස් ලක්ෂණයන් හඳුනාගත නොහැකි ය. සමාජශීලිව තව කෙනෙකු සමඟ සම්බන්ධ වීම හා අදහස් ප්‍රකාශ කිරීමේ දී මතුවන ගැටලු මෙහිදී දැකගත හැකි ය.

ඔටිසම් හඳුනා ගැනීමේ හොඳම නිර්ණායක වන්නේ දරුවාගේ සංවර්ධනය ගැන මනා අවබෝධයකින් කටයුතු කිරීම ය.

ඔටිසම් තත්ත්වයේ පරාසය හඳුනාගෙන වෘත්තීය චිකිත්සාව , කථන පුහුණුව ඇතුළු චර්‍යාමය පුහුණුව ලබා දීම සිදු කරයි.

මෙවර ලෝක ඔටිසම් දැනුවත් කිරීමේ දිනයේ තේමාව වී ඇත්තේ, “”ස්නායු විවිධත්වය දියුණු කිරීම සහ එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක (“Advancing Neurodiversity and the UN Sustainable Development Goals ) යන්නයි.

සමාජීය හා වාචික සන්නිවේදන හෝ තර්කානුකූලව සිතීමේ දුර්වලතා සහිත ඔටිසම් රෝගයට ගොදුරු වූවන්ගේ ජිවිතයේ සෑම අදියරකදී ම ඔවුන්ගේ අවශ්‍යතා, යහපැවැත්ම වෙනුවෙන් පෙනී සිටිමින් ඔවුන්ගේ සියලු මානව අයිතිවාසිකම් රැක ගනිමින් පූර්ණ සහ තෘප්තිමත් ජිවිතයක් භුක්ති විඳීමේ අවස්ථාව සහතික කිරීම මත ඔවුන්ගේ ආත්ම අභිමානය ලබා දීම සියල්ලන්ගේම වගකීමක් ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved