විශේෂාංග

අනුන්ගෙ ඉතිහාස වලට කලින් ජවිපෙ අතීතය මතක් කිරීම!

Published

on

ජවිපෙ ගැන කෙරෙන අලුත් කතා අනෙක් හැමෝගෙම ඉතිහාසයේ වැරදි දිග හැර, ජවිපෙ ම්ලෙච්ඡත්වය අමතක කරන කතාවල්.

ඔවුන්ගේ උපතේ සිටම ඇත්තේ මැටි මෝල් තීන්දු සමග ලේ වැකි ඉතිහාසයක්.

විජේවීරගේ නායකත්වයෙන් 71 කැරැල්ල දියත් කෙරුවේ, ටින් කිරි ටින් වලින් සහ පරණ විදුලි බල්බ වලින් පොලිසි වලට ගහලා රාජ්‍ය බලය අල්ලන්න.

ඒ මෝල් වැඩ ප්‍රශ්න කෙරුණේ කැරළිකාර තරුණන් තොග පිටින් හිරේ වැටුනට පස්සේ, හිර වෙගල්වල දිග හැරුණු වාද සමග තාර්කිකව දේශපාලනය ඉගෙන ගෙන සාකච්ඡා කළ තරුණ පිරිස් නිදහස් උනාට පස්සෙ විජේවීරයි ජවිපෙයි අතහැර වෙනත් ගමන් ගියා.

ඊළඟ 88-90 ජවිපෙ කැරැල්ල පළමු කැරැල්ලටත් වඩා මෘග, ම්ලේච්ජ මෝඩ කැරැල්ලක්. ගල්කටස් වලින් සහ ගමේ වගාව බේර ගන්න වල්ඌරන්ට වෙඩි තියන්න දීපු SG තුවක්කු ටිකක් හොරකම් කරගෙන දකුණෙ ඉන්ධන හල්, බැංකු මංකොල්ල කෑවා. දකුණෙ කැරළි ගහලා, උතුරු නැගෙනහිර ඉන්දියානු හමුදා එලවන්න පුළුවන් යැයි හිතුවා. මරනවා කියලා තුණ්ඩු කෑලි බෙදලා කඩ වැහුවා. කාර්යාල වැහුවා. බස් නතර කෙරුවා.

ඊට විරුද්ධ වුන කොළඹ වි.විද්‍යාලයයේ ස්වාධීන ශිෂ්‍ය නායක දයා පතිරණගෙන් පටන්ගෙන වෘත්තීය සමිති නායකයින් වුන 80 වැඩ වර්ජනයේ නායකයෙකු වූ පණ්ඩිත, රජයේ මුද්‍රණාල සංගමයේ නායක විමලසේන, ශ්‍රී ලංකා ජාතික ගුරු සංගමයේ සභාපති ජෝර්ජ් රත්නායකගේ සිට අනුරාධපුර පොළේ සපත්තු විකුණා ජීවත් වූ නන්දන මාරසිංහ දක්වා නිරායුධ සමාජ ක්‍රියාකාරීන් සිය ගණනක් ජවිපෙ විසින් ඝාතනය කෙරුවා. පාසල් වි.විද්‍යාල අවුරුදු 02 ක් වහලා දාන්න ඒවයේ කැරළි ගැහුවා.

නිල ගණන් වලට අනුව 24,000 ක් තරුණන් අතුරුදහන් වුන ම්ලේච්ඡ ලේ වැකි කැරැල්ලකට මුල පුරලා, නායකත්වය දීලා ප්‍රජාතන්ත්‍රවාදි සමාජ පැවැත්ම බිඳ දැම්මා.

එ සම්බන්ධ වගකීම් බාර ගන්න, බරපතල දේශපාලන වැරැද්දක් තමන් අතින් සිදුවුනා කියලා සමාජය හමුවේ පාපොච්චාරණයක් කර සමාව ගන්න සූදානම් නැති, දේශපාලන අවංක කමක් නැති ජ.වි.පෙ, දූෂණයෙන් තොර ආණ්ඩු හදන්න, දූෂිතයින් අල්ලන්න කතා කරනවා.

ඒ අතර ආයේ ගිය සතියේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ඉවරයක් කරන්න ජනතාවට කියනවා කැරළි ගහන්න. සුමානෙකට පස්සේ ආයේ කියනවා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න ජවිපෙ නායක අනුර කුමාරව පාර්ලිමේන්තුවෙන් ජනාධිපති කරන්න ඉදිරිපත් කරනවැයි කියනවා.

ප්‍රශ්නෙ තියෙන්නෙ ප්‍රජාතන්ත්‍ර විරෝධී ජාතිවාදීන් බලය ඉල්ලීමේ නෙවෙයි. ඒ ඉතිහාසය නොතකා ඔවුන් වීරයින් යැයි ඔවුන් පිටුපස යන අවස්ථාවාදී දේශපාලන ගැත්තන්ගෙයි.

කුසල්

2022 ජුලි 17

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version