Connect with us

පුවත්

අක්ෂි රෝහලේ වැඩ වර්ජනය අවසන්

Published

on

ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් ආරම්භ කළ වැඩ වර්ජනය අත්හිටුවා තිබේ.

ඒ අනුව එහි කටයුතු සාමන්‍ය පරිදි සිදුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කලේය.

මොවුන් මෙම වැඩ වර්ජනය ආරම්භ කළේ, වැඩබලන රෝහල් අධ්‍යක්ෂවරයාගේ නොමනා හැසිරීම සහ වෛද්‍යවරුන්ගේ රාජකාරියට බාධා කරමින් සිදුකරන ක්‍රියාමාර්ග මෙන්ම එම ගැටලුව විසඳීම් ඉල්ලමිනි.

ඔහු ඉවත් කිරීමේ ලිපිය සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගේ අත්සනින් නිකුත් කර ඇති බවයි වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කලේය.

අදාළ වැඩ වර්ජනය අද පෙරවරු 8.00ට ආරම්භ කළ බව සඳහන් වේ.

පුවත්

මහින්දගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

Published

on

By

ඉවත් කරනු ලැබූ සිය ආරක්ෂිත සංචිතය යළි ලබා දෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් පිරිසක් නම් කර ඇත.

මහින්ද රාජපක්ෂ මහතා සිය නීතිඥවරු මාර්ගයෙන් ගොනු කර තිබෙන පෙත්සමේ සඳහන් කර තිබෙන්නේ, නිසි ආරක්ෂක තක්සේරුවකින් තොරව  සිය ආරක්ෂාව සඳහා සපයා තිබූ ආරක්ෂක නිලධාරී සංචිතයෙන් නිලධාරීන් 60 දෙනෙකු පමණක් ඉතිරි කොට අන් සියල්ල ඉවත් කිරීමට කටයුතු කළ බවය.

මේ වනවිට කිසිදු සන්නද්ධ ආරක්ෂක නිලධාරියෙකු සිය ආරක්ෂාව සඳහා යොදවා නොමැති බවත් පොලිස් නිලධාරින් පමණක් ආරක්ෂාව සඳහා සපයා තිබෙන බවත් මහින්ද රාජපක්ෂ මහතා සිය පෙත්සමේ සඳහන් කර තිබේ.

දශක තුනක් පමණ පැවති යුද්ධයක් නිමා කිරීමට නායකත්වය දුන් තමා ත්‍රස්තවාදී තර්ජන වලට මුහුණපා සිටින අයෙකු වන අතර, තම ජීවිතයටද තර්ජන එල්ල වී තිබෙන බව හිටපු ජනාධිපතිවරයා සිය පෙත්සමෙන් කියා සිටියි.

අත්තනෝමතික ලෙස සිය ආරක්ෂාව ඉවත් කිරීම තුළින් වගඋත්තරකරුවන් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස මහින්ද රාජපක්ෂ මහතා අධිකරණයෙන් ඉල්ලා තිබෙන බව සඳහන්ය.

ඊට අමතරව තමන්ට එල්ල වී තිබෙන තර්ජන පිළිබඳව තක්සේරුවක් සිදුකරන ලෙස වගඋත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔහු අයැද සිටියි.

එමෙන්ම මේ වන විට ඉවත් කර තිබෙන තමන්ට සපයා දී තිබූ සම්පූර්ණ ආරක්ෂක සංචිතය යළි ලබාදෙන ලෙස වගඋත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

Continue Reading

පුවත්

මෙරට වත්කම් යළි අත්පත් කර ගැනීමට ස්විට්සර්ලන්තයෙන් සහාය

Published

on

By

ශ්‍රී ලංකාවෙන් බැහැරට ගෙන ගොස් තිබෙන වත්කම් නැවත අත්පත් කර ගැනීම සඳහා ස්විට්සර්ලන්ත රජයේ  සහාය ලබා දෙන බව  ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ ස්විට්සර්ලන්ත තානාපති ආචාර්ය සිරි වෝල්ට් (Siri Walt) මහත්මිය පැවසුවාය.

මෙරට වත්කම් නැවත අත්පත් කර ගැනීම සඳහා ජාත්‍යන්තර වශයෙන් ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ස්විට්සර්ලන්ත තානාපතිනිය මෙහිදී මග පෙන්වීමක් සිදු කළ අතර, ඒ සඳහා  මූලික පහසුකම් සැපයීමට අවශ්‍ය නම් ඕනෑම අවස්ථාවක සහාය ලබා දීමටද එකඟ වුවාය.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හා ස්විට්සර්ලන්ත තානාපති සිරි වොල්ට් මහත්මිය ජනාධිපති කාර්යාලයේ අද (24) හමු වූ අවස්ථාවේ දී ඇය මේ බව සඳහන් කළාය.

ශ්‍රී ලංකා රජය ගෙන යන දූෂණ විරෝධී වැඩපිළිවෙළ සඳහා  ස්විට්සර්ලන්තයේ අත්දැකීම් සහ තාක්ෂණික දැනුම ලබා දීමටද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරිණි.

රජයේ ප්‍රමුඛ වැඩසටහන් සඳහා ස්විට්සර්ලන්ත රජයේ තාක්ෂණික සහ අවශ්‍ය අනෙකුත් සහාය ලබා දීමටත්, “Clean Sri Lanka“ වැඩපිළිවෙළට ලබා දිය හැකි සහාය පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කෙරිණි.

උතුරේ සංවර්ධනය, ජාතික සමගිය සහ පවතින අනෙකුත් සමාජ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජයට සහාය දැක්වීමට හා අවශ්‍ය ආධාර ලබා දීමට කටයුතු කරන බවද ස්විට්සර්ලන්ත තානාපතිනිය වැඩි දුරටත් පැවසුවාය.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන්  ගමගේ මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

Continue Reading

පුවත්

කෝපා නව සභාපති පත්කරයි

Published

on

By

දසවැනි පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතා පත්කර තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved