පුවත්

අගහිඟකම් නිසා සිසුන් 458ක් ‌කෘෂි උපාධිය අත්හැර ගිහින් 

Published

on

කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධිත කෘෂි තාක්ෂණික හා ග්‍රාමීය විද්‍යා ආයතනය පවත්වන කෘෂි තාක්ෂණවේදී උපාධි පාඨමාලාව හදාරන සිසුන්ගෙන් 28%ක් ඉකුත් පස් වසරේදී පාඨමාලාව හැර ගොස් තිබේ.

පාඨමාලාවට බඳවා ගත් සිසුන් අතරින් මේවන විට එම පාඨමාලාව හදාරන්න‌ේ 1179ක් පමණක් බවත්, 458 ‌දෙනකු එම පාඨමාලාව හැරගොස් ඇති බවත් වාර්තා වේ.

පාඨමාලාව හැර යාමට ප්‍රධානම හේතුව ලෙස හඳුනාගෙන ඇත්තේ ආර්ථික අපහසුතා යැයි එහි පරිපාලන අංශ පවසයි.

කහ පැල දැමීමෙනුත් ලක්ෂ 66ක් පාඩු වෙලා

මේ අතර රුපියල් එක්කෝටි හැට අට ලක්ෂයකට අධික වැයක් දරමින් මෙම ආයතනයෙන් පසුගිය වසරේදී නිපදවූ කෙසෙල් හා කහ පැළ අලෙවි කිරීමෙන් රුපියල් හැට හය ලක්ෂයකට අධික අලාභයක් ලබා ඇතැයි ජාතික විගණන කාර්යාලය කළ පරීක්ෂණයකින් අනාවරණය වී තිබේ.

 කහ පැළ සඳහා පැවති ඉල්ලුම අඩු වීමත් නිෂ්පාදනයන් අලෙවි කර ගැනීමේ දුෂ්කරතා ඇති වීමත් ඊට හේතුව යැයි පරිපාලන අංශ සඳහන් කරයි.

Trending

Exit mobile version