අගෝස්තු මාසයේ මුල සිට ජල බිල්පත් ඉහළ දමන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
ජල බිලපත් වැඩි කිරීමට අදාළ යෝජනාව කැබිනට් අනුමැතිය සඳහා යොමුකර ඇති බවත් ඊට අනුමැතිය හිමිවුවහොත් අගෝස්තු මස මුල සිට ජල බිලපත් වැඩිවන බවත් එහි සාමාන්‍යාධිකාරී වසන්තා ඉලංගසිංහ මහත්මිය සඳහන් කළාය.
කෙසේවුවද, මෙතෙක් ජල බිල්පත් ඉහළ නැංවීමේ ප්‍රතිශතය පිළිබඳව තීරණයක් ගෙන නොමැති බවද ඇය වැඩිදුරටත් කියා සිටියි.