පුවත්

අතුරුදහන් වූ සිසුවියන් දෙදෙනා හමුවෙයි

Published

on

සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන අතරතුර අතුරුදන් වූ පාසල් සිසුවියන් දෙදෙනා ඥාති නිවසක සිටිය දී හමුවී තිබේ.

ඊයේ (15) රාත්‍රියේ එම සිසුවියන් ඥාති නිවසක සිටින බවට ඔවුන් දෙදෙනාගේ පවුලේ අය විසින් පොලීසිය වෙත දැනුම්දී ඇත.

ගිනිගත්හේන පොලිස් වසමේ අඹගමුව ජාතික පාසලේ ස්ථාපනය කර ඇති විභාග මධ්‍යස්ථානයට පැමිණි සිසුවියන් දෙදෙනා පසුගිය 14 වනදා විභාගයට පෙනී නොසිට අතුරුදන් වී තිබිණි.

ඒ අනුව දරුවන් සම්බන්ධයෙන් ඔවුන්ගේ පවුල්වල ඥාතීන් විසින් ගිනිගත්හේන පොලීසියට පැමිණිල්ලක් ද යොමු කරන ලදී.

පසුව සිදුකළ විමර්ශනයේ දී අනාවරණය වී ඇත්තේ රැකියාවක් සොයා ගැනීමේ අපේක්ෂාවෙන් සිසුවියන් දෙදෙනා කොළඹ පැමිණ ඇති බවත්, කඩුවෙල ප්‍රදේශයේ ඥාතී නිවසකට ගොස් ඒ බව දෙමාපියන්ට දැනුම් දී ඇති බවත්ය.

සබැඳි පුවත් :

https://sinhala.srilankamirror.com/news/විභාගයට-ගිය-සිසුවියන්-දෙ/

Trending

Exit mobile version