ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට විවේක ගන්නා ලෙස වෛද්‍යවරුන් උපදෙස් දී ඇතැයි වාර්තා වේ.
ඒ ඔහුට තෙහෙට්ටුව හේතුවෙන් උණ රෝගය වැළඳීම නිසාය.
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මාතර දෙයියන්දර ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් මේ බව හෙළි කළේය.
ඔහු කියා සිටියේ දිසානායක මහතාට සනීප නැති නිසා එම රැලියට සහභාගී වීමට නොහැකි වූ බවයි.
කෙසේවුවද, දිසානායක මහතා අද (07) පෙරවරුවේ කොළඹදී පැවති ජාතික ජන බලවේගයේ නීතීඥ සමුළුවට සහ ක්‍රීඩා සමුළුවට සහභාගී විය.