කෘෂිකාර්මික නවීකරණය සඳහා රජයේ මෙන්ම පෞද්ගලික අංශයේ නියෝජිතයන් ඇතුළත්, කෘෂිකර්ම, වැවිලි හා වාරිමාර්ග සහ මහවැලි සංවර්ධන අමාත්‍යාංශ ඒකාබද්ධ කර කාර්ය සාධක බලකායක් ළඟදීම ස්ථාපිත කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ.
පළාත් සභා නවයක සම්පත් සමග කෘෂිකර්මයට සම්බන්ධ ගැටළු කාර්යක්ෂමව විසඳීම අරමුණු කරමින් මෙම ඒකාබද්ධ කිරීම සිදු කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.