පුවත්

අමෙරිකාවට එන චීන ජාතිකයන්ට කොවිඩ් පරීක්ෂණය අනිවාර්ය කරයි!

Published

on

අමෙරිකාවට පැමිණෙන චීන ජාතිකයින් සඳහා කොවිඩ් පරීක්ෂණ පැවැත්වීමට අනිවාර්ය කර තිබේ.

චීනයේ කොවිඩ් රෝගීන් වාර්තා වීම යළිත් වරක් ඉහළ යාමත් සමග අමෙරිකා විසින් මෙම දැනුම්දීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කෙසේවෙතත් චීනයෙක් කොපමණ කොවිඩ් රෝගීන් දෛනිකව වාර්තා වන්නේ ද යන්න පිළිබඳ නිසි තොරතුරු වාර්තා නොවන බව විදෙස් මාධ්‍ය පවසයි.

එසේ තිබියදී ඔවුන් විසින් කොවිඩ් සීමා ලිහිල් කර ඇති අතර එමගින් රටින් පිටව යාමට සහ රට තුළට පැමිණීමට අවස්ථාව ලබා දි තිබේ.

අමෙරිකාවට අමතරව ඉතාලිය, ජපානය, මැලේසියාව, තායිවානය සහ ඉන්දියාව ද මේ වන විටත් චීන ජාතිකයින් රට තුළට ඇතුළුවීමේ දී සීමාවන් පැනවීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

Trending

Exit mobile version