2024 වසර සඳහා වන අයවැය දෙවන වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද (21) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ.
ඒ අනුව අද අයවැය දෙවන වර කියවීමේ විවාදයේ අවසන් දිනය වන අතර පස්වරු 06.00ට ඊට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය.
පසුගිය 13 වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2024 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර දෙවන වර කියවීමේ විවාදය ඊට පසු දින(14) ආරම්භ විය.
මේ අතර අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය හෙට (22) සිට දින 13ක් පුරාවට පැවැත්වීමෙන් අනතුරුව අයවැය තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 13දා සවස 6.00ට පැවැත්වීමට නියමිතය.