විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා 2024 ජූලි 01 දින ජපානයේ නිල සංචාරයක නිරත වීමට නියමිතව ඇති බව වාර්තා වේ.
විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ ජපාන විදේශ ඇමතිනී යෝකෝ කමිකාවා මහතාගේ ආරාධනයකට අනුව මෙම සංචාරය සැලසුම් කර ඇති බවය.
මෙම සංචාරයේදී අමාත්‍ය අලි සබ්රි මහතා සිය ජපාන විදේශ ඇමතිනිය සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත වීමට නියමිතව ඇති බව සඳහන් වේ.
විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා මෙහිදී ජපානයේ ප්‍රධාන කැබිනට් ලේකම් වන යොශිමා හයශි ඇතුළු තවත් පිරිසක් හමුවීමටද සැලසුම් කර තිබේ.
විදේශ අමාත්‍යවරයා සමඟ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද මෙම සංචාරයට එක්වීමට නියමිතය.