රාජකාරි කටයුත්තක් සදහා ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත පැමිණි පුද්ගලයෙකු ඒ තුල ඇද වැටිමෙන් අද (27) පෙරවරු මියගොස් ඇතැයි ඇල්ල පොලිසිය පැවසිය.
මෙලෙස මියගොස් ඇත්තේ ටොනකොම්බ වතුයාය, නමුණුකුල ලිපිනයේ පදිංචි 76 හැවිරිදි රාමසාමි කුලන්දාවේලු නැමති අය බවද පොලිසිය කීය.
අද උදැසන රාජකාරි කටයුත්තක් සදහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත පැමිණි පුද්ගලයෙකු බිම ඇදවැටිමක් සිදුවු අතර එම අවස්ථාවේ දිම 1990 ගිලන්රථ සේවය එම ස්ථානය වෙත කැදවා එම පුද්ගලයා රෝහලට ගෙන යැමය කටයුතු කල අවස්ථාවේ දි ඔහු මියගොස් තිබේ.
මියගිය පුද්ගලයා ගේ ඥාතින් පවසා සිටියේ අද උදෑසන අස්වැසුම ලිපිය ලබා ගැනිම සදහා ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත යන බව පවසා මොහු නිවසින් පිටත්ව ගිය බවයි.
මේ පිළිබඳව වැඩිදුර විමර්ශන ඇල්ල පොලිස් ස්ථානය මගින් සිදුකෙරේ