පුවත්

ආගමන හා විගමන පාලකවරයාගේ ඇප ඉල්ලීම සලකා බැලීමට දින දෙයි ( Update )

Published

on

අධිකරණයට අපහාස කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා ඇප මත මුදා හරින ලෙස ඉල්ලා කර තිබෙන ඉල්ලීම ලබන 27 වන දා සලකා බලන බව ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

මෙම නඩුකරය අද (22) කැඳවනු ලැබූ අවස්ථාවේදී ඉලූක්පිටිය මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු විසින් ම මෙම ඇප ඉල්ලීම ඉදිරිපත් කර ඇත.

ඒ අනුව අදාළ ඇප ඉල්ලීම ලබන විසිහත් වන දවස සලකා බලලා බවත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළේය.

ඉකුත් රජය සමයේ විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රමය අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් අතුරු තහනම් නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි ආගමන හා විගමන පාලකවරයාට චෝදනා එල්ල වී තිබේ.


(පෙර පුවත: 2025 ජනවාරි 22, ප.ව.12:52)

ආගමන හා විගමන පාලකව අධිකරණයට රැගෙන එයි

අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබේ.

විද්‍යුත් වීසා නිකුත් කිරීමට අදාළව ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ අතුරු තහනම් නියෝග ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් ආගමන හා විගමන පාලකවරයා පසුගිය සැප්තැම්බර් මස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

එම පෙත්සම් අද (22) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිත වන අතර හර්ෂ ඉලුක්පිටිය මහතාව ඒ සඳහා අධිකරණයට ඉදිරිපත් කර ඇත.

Trending

Exit mobile version