පුවත්

ආණ්ඩුවට ඇති ජනතා ප්‍රසාදය 11%කින් වැඩිවෙලා

Published

on

වත්මන් ආණ්ඩුව වැඩ කරන ආකාරය පිළිබඳව රටේ ජනතාවගේ ප්‍රසාදය ඉකුත් පෙබරවාරි මාසයට වඩා ජුනි මාසය වන විට සියයට 11කින් ඉහළ ගොස් ඇති බව වෙරිටේ රිසර්ච් ආයතනය කළ සමීක්ෂණයකදී හෙළි වී තිබේ.

සමීක්ෂණයට අනුව රටේ වැඩ කටයුතු සිදු වෙමින් පවතින ආකාරය පිළිබඳවද ජනතාව තුළ ඇත්තේ ඉහළ ප්‍රසාදයකි.

සමීක්ෂණයට අනුව ඉකුත් පෙබරවාරි මාසයේ ඊට ප්‍රසාදය පළ කර ඇත්තේ සියයට 4කි.

එහෙත් ජුනි මාසයේදී ඊට ප්‍රසාදය පළ කර ඇති ජනතාවගේ ප්‍රතිශතය සියයට 12කි.

මේ අතර මෙම සමීක්ෂණයට අනුව රටේ ජනතාවගෙන් සියයට 8ක් රටේ ආර්ථිකය විශිෂ්ට මට්ටමක තිබෙන බවට විශ්වාස කරන අතර ජනතාවගෙන් සියයට 26.6ක් රටේ ආර්ථිකය යහපත් මට්ටමක පවතින බව විශ්වාස කරන්නේය.

එමෙන්ම ජනගහණයෙන් සියයට 28.8ක් රටේ ආර්ථිකය යහපත් තත්ත්වයට පත් වෙමින් තිබෙන බවට විශ්වාසයෙන් සිටින බවද මෙම සමීක්ෂණයේදී හෙළි වී තිබේ.

(අරුණ)

Trending

Exit mobile version