පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා රිළවුන් චීනයට යැවීමේ යෝජනාවට සිය විරෝධය පළ කර ඇතැයි වාර්තා වේ.
රිළවුන් රට යවන්නේ ඔවුන්ගේ ශරීරයේ එක්තරා අවයවයක් ආහාරයට ගැනීමට බව සඳහන් කරමින් පසුගියදා පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී වීරසිංහ මහතා විරෝධය දක්වා ඇත.
සුරතලයට තමන්ද රිළවකු ඇතිකළ නිසා ඔවුන් ගැන බොහෝ දේ දන්නා බවද මන්ත්‍රීවරයා එහිදී හෙළිකර ඇත.
මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා එහිදී සිය පළාතේ වගාවන්ට රිළවුන් විශාල හානියක් කරන නිසා මහනුවර උඩවත්ත කැලයේ සිටින රිළව් රංචුවද රට පටවන්නැයි ඉල්ලීමක් කර තිබේ.
මේ සංවාදයට තවත් මන්ත්‍රීවරු පිරිසක් පක්ෂව හා විපක්ෂව මත දක්වා ඇතැයි ද වාර්තා වේ.
රිළවුන් රට යවන්නේ ඔවුන්ගේ ශරීර කොටස් අනුභවයටය යන චෝදනාව අසත්‍යයක් බවත් අනුභවයට රිළවුන් ඇතිකරන රටවල ඔවුන් විශේෂ ගොවිපොළවල ඇතිදැඩි කරන බවත් මෙහිදී අවධාරණය අවධාරණය වී තිබේ.