Connect with us

පුවත්

ආධාර කරන්නෙ ආත්මාර්ථකාමී දේශපාලන වාසි ගන්න නෙවෙයි

Published

on

චීනය විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන ආධාර හා සිදුකරන ආයෝජන කිසිවිටෙකත් ආත්මාර්ථකාමී දේශපාලන වාසි අපේක්ෂා කරගෙන සිදුනොකරන බව එරට විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක – ජාඕ ලීජැයෑං මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (28) දින බෙයිජිං අගනුවර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

පසුගියදා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය – අලි සබ්‍රි මහතා විසින් සිදුකරනු ලැබූ ප්‍රකාශයක් සම්බන්ධයෙන්ද ඔහු මෙහිදී ප්‍රතිචාර දක්වා තිබුණි.

සබ්‍රි මහතා ගේ ප්‍රකාශයද ඔහු මෙහිදී අගය කර තිබුණි.

පුවත්

2025 අයවැය ( සජීවී විකාශය )

Published

on

By


2025 වර්ෂය සඳහා වන රජයේ මංගල අයවැය ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ වනවිට පාර්ලිමේන්තුව වෙත පැමිණ තිබේ.

ඒ අනුව පෙරවරු 10.30ට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව ඉදිරිපත් කරන පළමු අයවැය මෙය වේ.

(පෙර පුවත 2025 පෙබරවාරි17පෙ.ව.7.13 )


NPP ආණ්ඩුවේ මංගල අයවැය අද

ජාතික ජන බලවේග ආණ්ඩුවේ ප්‍රථම අයවැය මුදල් ඇමැතිවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට අද (17 ) පෙරවරු 10.30ට ඉදිරිපත් කෙරේ.

මෙවර ඉදිරිපත් කෙරෙන්නේ හැත්තෑ නව වැනි අයවැය වන අතර අයවැය ඉදිරිපත් කරන හතළිස් වැනි මුදල් ඇමැතිවරයා වන්නේ දිසානායක මහතාය.

අයවැය විවාදය හෙට (18) ආරම්භ කෙරෙන අතර අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වෙන්නේ 25 වැනිදාය. 

කාරක සභා අවස්ථාවේ විවාදය පෙබරවාරි මස 27 වැනිදා සිට මාර්තු මස 21 වැනිදා දක්වා පැවැත්වෙන අතර තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම එදින සවස 6ට පැවැත්වේ.

මෙවර අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප් වැඩි කෙරෙන බව අවස්ථා කිහිපයක දී ප්‍රකාශයට පත් කෙරුණි.

2025 වසර සඳහා වන අය-වැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අද (17) දිනයේදී දෙස් විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසකට ආරාධනා කර ඇති අතර අය-වැය වෙනුවෙන් විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කර ඇත. 

එමෙන්ම අය-වැය ඉදිරිපත් කරන අද දිනයේදී විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වේ.

Continue Reading

පුවත්

පුංචි ඡන්දේ විශේෂ විධිවිධාන පනත අද  පාර්ලිමේන්තුවට

Published

on

By

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ විශේෂ විධිවිධාන පනත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතේ වගන්ති දෙකක් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතර ඡන්දයකින් සම්මත කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණයේ දැනුම් දීම අනුව උක්ත තීරණය ගෙන ඇත.

පනත් කෙටුම්පතේ 2 වැනි සහ 3 වැනි වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) ව්‍යවස්ථාව සමග අනනුකූල වන බැවින් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84 ව්‍යවස්ථාවේ (2) ඡේදයට අනුව විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත කළයුතු බව ශ්‍රේෂ්ඨාධිකරණ දැනුම් දී තිබුණි.

එහි 2 වැනි වගන්තියෙන් 2023 වසරේ මාර්තු මස 9 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සදහා කැඳවූ නාමයෝජනා අවලංගු කිරීමට බලය හිමිවන අතර පළාත් පාලන ඡන්දය සදහා දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් තැන්පත් කර ඇති ඇප මුදල් යළි අදාළ පුද්ගලයින් වෙත ලබා දීම ද එම ප්‍රතිපතිපාදනයට අතුලත්ය.

අදාළ ඡන්දය පැවැත්වීම සදහා ආඥා පනතේ විධිවිධාන අනුව පියවර ගැනීම ආරම්භ කළ යුතු බව තුන්වෙනි වගන්තියේ දක්වා ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනයට අනුව එම ප්‍රතිපාදන සැලසීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතිය අවශ්‍ය වෙයි.

ඒ අනුව ඊට අදාළ විශේෂ විධි විධාන පනත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ජන්දය විමසීමට නියමිතය.

Continue Reading

පුවත්

ITAK  පක්ෂයේ වැඩබලන්න සුමන්තිරන් පත්කරයි

Published

on

By

ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ වැඩබලන මහලේකම්වරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා පත්කර තිබේ.

ඊයේ (16) පැවති පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේ තීරණය අනුව එම පත් කිරීම සිදුකර ඇත.

මීට පෙර එම තනතුරේ කටයුතු කරනු ලැබුවේ උතුරු පළාත් හිටපු අමාත්‍යවරයෙකු වූ පී ඒ සත්‍යය ලිංගම් මහතාය.

ඔහු මේ වන විට අසනීප තත්ත්වයේ පසුවන බැවින් මධ්‍යම කාරක සභාව විසින් ඊයේ (16) දිනයේදී එම්. ඒ සුමන්දිරන් මහතා වැඩ බලන නව මහ ලේකම්වරයා වශයෙන් පත්කිරීම සිදුකළ බව ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය සඳහන් කරයි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved