Connect with us

පුවත්

දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ ලයිට් කපලා

Published

on

ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලිය විසන්ධි කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය ඊයේ (28) සවස කටයුතු කිරීම හේතුවෙන් එහි සිටින භික්ෂූන් වහන්සේලා දෙසීයකට වැඩි පිරිසක් අසීරුතාවට පත්ව සිටිති.

දිඹුලාගල ආරණ්‍ය සේනාසන ඉතිහාසයේ විදුලිය විසන්ධි කළ පළමු අවස්ථාව මෙය බව එහි සේනාසනාධිපති මිල්ලානේ සිරියාලංකාර නාහිමියෝ පැවසූහ.

ආරණ්‍ය සේනාසනයේ විදුලි බිල රුපියල් ලක්ෂ පහ ඉක්මවා යෑම හේතුවෙන් මෙලෙස විදුලිය විසන්ධි කර තිබේ.

මේ පිළිබඳ වහා අවධානය යොමුකර කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස තමා අගමැතිවරයාගෙන් මෙන්ම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති නාහිමියෝ පවසති.

හිටපු ජනාධිපති දිවංගත රණසිංහ ප්‍රේමදාසගේ පාලන සමයේ ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනය සඳහා විදුලිය නොමිලේ ලබා දුන් බවත්, එතැන් පටන් බලයට පත් සෑම රජයක් විසින්ම විදුලිය අඛණ්ඩව ලබාදීමට කටයුතු කළ බවද උන්වහන්සේ කියා සිටියහ.

මෙම ආරණ්‍ය සේනාසනය ආශ්‍රිතව වනඅලි තර්ජන දැඩිව පවතින බැවින් මෙලෙස විදුලිය විසන්ධි කිරීමට කටයුතු කිරීම නිසා ආරණ්‍යයේ භික්ෂූන් වහන්සේලා දැඩි අනාරක්ෂිත තත්ත්වයට පත්ව සිටිති.

(අරුණ)

Continue Reading

ක්‍රීඩා

ලාංකේය ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද ඩුබායිහි තරඟ බිමේ

Published

on

By

ඩුබායි හි පැවැත්වෙන එක්සත් අරාබි එමීර් රාජ්‍ය මළල ක්‍රීඩා තරගාවලියට එක්ව සිටින මෙරට මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් අද (03) තරග බිමට පිවිසීමට නියමිතය.

ඒ අනුව කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් සහභාගී වන මීටර 100 තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 7.50 ට පැවැත්වෙන අතර,

නදීෂා රාමනායක සහභාගී වන 400m තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 7.15 ට පැවත්වෙන පැවැත්වේ.

තරුෂි කරුණාරත්න හා ගයන්තිකා අබේරත්න සහභාගී වන 800m තරගය පැවැත්වෙන්නේ මෙරට වේලාවෙන් අද රාත්‍රී 9.00 ට යි.

Continue Reading

පුවත්

ලිට්‍රෝ මිල සංශෝධනයක්

Published

on

By

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට පියවර ගත් බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා විසින් මේ බව සඳහන් කරන ලදී.

ඒ අනුව, මේ වන විට රුපියල් 4,115ක මිලක පවතින කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක නව මිල වන්නේ රුපියල් 3,940කි.

කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 70කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 1,582 කි.

කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් මිල රුපියල් 32 කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 740කි.

Continue Reading

පුවත්

සාපෙළ අපේක්ෂකයන් වෙනුවෙන් හෙටත් විවෘත රජයේ කාර්යාල

Published

on

By

අපොස සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් සඳහා පමණක් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය,ගාල්ල, කුරුණෑගල වවුනියාව මඩකලපුව හා නුවරඑළිය යන දිස්ත්‍රික්කවල පිහිටි පළාත් කාර්යාල හෙට (4) පෙරවරු 8.30 සිට පස්වරු 1.00 දක්වා විවෘතව තබන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

ජාතික හැඳුනුම්පත් ඉල්ලුම්පත් ඉදිරිපත් නොකළ ඉල්ලුම්කරුවන් වේ නම් , විදුහල්පති හෝ ග්‍රාම නිලධාරී සහතික කළ නිසි ලෙස සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත් රැගෙන පැමිණිය යුතු බවත්

අදාළ තොරතුරු තහවුරු කිරීමේ ලිපිය http://www.drp.gov.lk වන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියට පිවිස භාගත කර ගත හැකි බවත් එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

(ලංකාදීප )

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved