ආසියානු කලාපයේ ජනප්‍රියතම හා අනිවාර්යයෙන්ම රස බැලිය යුතු වීථි ආහාර 50 ක ලැයිස්තුවක් සී.එන්.එන් පුවත් සේවය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
අකාරාදී පිළිවෙළට පළ කර ඇති මෙම ලැයිස්තුවට ශ්‍රී ලංකාවේ අච්චාරු සහ ආප්ප ඇතුළත් කර තිබීම විශේෂයකි.
දේශීය කුළු බඩු, මිරිස්, කහ, සීනි සහ ලුණු සමග පදම් කර ඇති දිව්‍ය රසයක් ඇති කලාපයෙන් කලාපයට සහ සෘතුවෙන් සෘතුවට වෙනස් වන ශ්‍රී ලංකා අච්චාරු කදිම වීදි ආහාරයක් බව සී.එන්.එන් ට්‍රැවල් පවසයි. එය වෙරළු, දිවුල්, අන්නාසි, ඇඹරැල්ලා, අඹ, කොස් හෝ වම්බටු විය හැකි බවද එහි දැක්වේ.
ආප්ප යනු කදිම උදෑසන ආහාරයක් බවත්, වසර 2,000කට පෙර සිට දකුණු ඉන්දියාවෙන් ආරම්භ වූ මෙම ආහාරය, බිත්තර ආප්ප ලෙස හෝ සාමාන්‍ය ආප්ප ලෙස චට්නි, පොල් සම්බල් සහ බොහෝ ව්‍යංජන වර්ග සමඟ ආහාරයට ගන්නා බවද ඔවුන් වැඩිදුරටත් පවසා තිබේ.
කෙසේවෙතත්, මැද පෙරදිග හා මධ්‍යහ ආසියානු කලාපද ආසියාවට අයත් වුවත්, එම අනුකලාප වල ඒවාට ආවේනික වූ ඉතා ගැඹුරු ආහාර සංස්කෘතියක් පවතින බැවින් එම කලාප වල කෑම මෙම ලැයිස්තුවට ඇතුළත් කළ නොගත් බවද සී.එන්.එන් පුවත් සේවය වැඩිදුරටත් පවසයි.