පුවත්

ඇමති නලින්ගේ හිතුවක්කාරකම් ජනපති නවත්වයි!

Published

on

සහල් මෙරටට ආනයනය කිරීම අත්හිටුවන ලෙස දන්වා ගැසට් පත්‍රයක් නිකුත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්. සමරතුංග මහතාට උපදෙස් ලබා දී ඇතැයි කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා කියයි.

තවදුරටත් මෙරටට සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නැති බැවින් සහල් ආනයනය කිරීම අත්හිටුවන ලෙස ඊයේ (08) පාර්ලිමේන්තුවේ දී ජනාධිපතිතුමන් හමුවූ අවස්ථාවක දී තමන් ඉල්ලීමක් කළ බවත් ඒ අනුව එයට අදාල ගැසට් පත්‍රයක් නිකුත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්. සමරතුංග මහතාට එම අවස්ථාවේ ම උපදෙස් දුන් බවත් අමරවීර මහතා කියා සිටී.

පසුගිය යල කන්නයේ දී ඉහළ වී අස්වැන්නක් ලැබීමත්, මෙවර මහ කන්නයේ දී මේ වනවිටත් වගා කිරීමට ඉළක්ක කරන ලද ඉඩම් ප්‍රමාණය වන හෙක්ටෙයාර් ලක්ෂ 08න් හෙක්ටෙයාර් 675,600ක් පමණ වගා කිරීමටත් ගොවි ජනතාව කටයුතු කර ඇති බැවින් 2023 වසරේ දී අප රටට සහල් හිඟයක් ඇතිවීමට කිසිදු ඉඩක් නැතැයි ද ඇමැතිවරයා මෙහිදී ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත.

කෙසේවුවද, මේ තීන්දුව සම්බන්ධයෙන් වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා එතරම් මනාපයක් නැතැයි ඔහුගේ කාර්යාල ආරංචි මාර්ගවලින් ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

වෙළඳ අමාත්‍යවරයා ඉදිරියේදී සහල් හිඟයක් ඇතිවීම හා සහල් මිල පාලනය කිරීමේ ක්‍රමවේදයක් ලෙස දිගින් දිගටම සහල් ආනයනය කළ යතුය යන මතයේ එළඹ සිටීම ඊට හේතුව බව පැවසේ.

ඒ අනුව යමින් පසුගිය කාලයේදී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර හා එහි ලේකම් ගුණදාස සමරසිංහ යන මහත්වරුන් සහල් ආනයනය අත්හිටුවන ලෙස කරන ලද කිසිදු ඉල්ලීමකට වෙළඳ අමාත්‍යවරයා යහපත් ප්‍රතිචාර දක්වා නොතිබුණු බවද වාර්තා වේ.

Trending

Exit mobile version