ඉන්දියන් ඔයිල් සමාගම ත්‍රි’මලයේ තෙල් පිරිපහදුවක් ආරම්භ කරන්නේ නම් ඒ සඳහා ඉන්දියාවේ සිට මෙරටට තෙල් පොම්ප කළ හැකි භූගත තෙල් නළ දෙකක් ඉදිකිරීමට සැලැසුමක් ඇතැයි වාර්තා වේ.
ඉන්දියාවේ සිට ත්‍රි’මලයට නැව් මගින් තෙල් ප්‍රවානයට වඩා එසේ තෙල් නළ මගින් තෙල් ගෙන ඒම වඩා ලාභදායී බව මේ ගැන සක්‍යතා අධ්‍යයනයක් කරන ලද විද්වතුන් පෙන්වා දී ඇතැයිද පැවසේ.
දැනට නව තෙල් පිරිපහදුව ඉදිකිරීම සම්බන්ධයෙන් දෙරටේ බලධරයන් මූලික සාකච්ඡා පවත්වා ඇති බවද වාර්තා වේ.
එසේම මෙරට තුළ මේ වනවිට ඉන්ධන පිරවුම්හල් 225ක් පමණ පවත්වාගෙන යන ඉන්දියන් ඔයිල් සමාගම ඉදිරියේදී තම පිරවුම්හල් සංඛ්‍යාව තවත් වැඩි කිරීමට ද සැලැසුම් කර ඇතැයි පැවසේ.