පුවත්

ඉන්දීය ආරක්ෂක ඇමති කඩිමුඩියේ ලංකාවට

Published

on

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය ‘රාජ්නාත් සිං’ මහතා ලබන සතියේ (සැප්තැම්බර් මස 2, 3 දෙදින) ශ්‍රී ලංකාවේ හදිසි නිල සංචාරයක් සඳහා පැමිණෙනු ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

ලබන ඔක්තෝබර් මාසයේදී ලංකාවට පැමිණීමට නියමිත චීනයේ සමුද්‍ර පර්යේෂණ නෞකාව හේතුවෙන් ‌මෙසේ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයාගේ කඩිනම්වී ඇති බවද පැවසේ.

කොළඹට පැමිණෙන රාජ්නාත් සිං මහතා ජනාධිපතිවරයා, විදේශ අමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍යවරුන් හමුවීමට නියමිත බවද පැවසේ.

ඉන්පසු ඉන්දියාව ශ්‍රී ලංකාවේ වැඩිම මූල්‍ය ආයෝජනය සිදුකිරීමට අපේක්ෂා කරන ත්‍රිකුණාමලයේ එක්දින සංචාරයකට එක්වීමට ද නියමිත බවද වාර්තා වේ.

සබැඳි පුවත්
ඔක්තෝබරයේ එන චීන නැවක් ගැන ඉන්දියාව සීරුවෙන්!

Trending

Exit mobile version