Connect with us

පුවත්

ඉන්දීය පාතාල නායකයකු පොලිස් ආරක්ෂාව මැද විවාහ වෙයි

Published

on

ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ මිනිමැරුම්, පැහැරගෙන යෑම් සහ කප්පම් ගැනීම් ඇතුළු චෝදනා රැසකට නවදිල්ලි නුවර තිහාර් බන්ධනාගාරයේ සිරගතව සිටි එරට ප්‍රබල පාතාල කල්ලි නායකයකු දැඩි පොලිස් ආරක්ෂාව මැද ඊයේ (12) විවාහ වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

සන්දීප් නොහොත් “කාල ජිතේඩි” නැමැති මේ අපරාධකරුට සිය විවාහය සඳහා නවදිල්ලි අධිකරණයකින් උදෑසන 10 සිට පස්වරු 4 දක්වා තාවකාලික නිදහසක් ලබා දී තිබූ බව ද වාර්තා වේ.

ඔහු අධි ආරක්ෂාව යටතේ බන්ධනාගාරයේ සිට උත්සවශාලාව වෙත රැගෙන ගොස් තිබූ අතර, ඔහුගේ මනාලිය වූයේ ද අපරාධ චෝදනා රැසකට සිරගත වී සිට පසුව ඇප මත මුදා හරිනු ලැබූ අනුරාධා චවුද්රි නොහොත් “මැඩම් මිනිස්” නමැති කාන්තාවක් බව ද වාර්තා වේ.

කාල ජිතේඩිගේ නීතිඥවරයා ඉන්දීය රුපියල් 51,000ක් ගෙවා එම විවාහ උත්සවය වෙනුවෙන් නවදිල්ලි නුවර සන්තෝෂ් නමැති උත්සවශාලාවක් වෙන් කර තිබු බවත්, තවත් අපරාධ කල්ලියක් සමඟ ගැටුමක් ඇති කරගැනීම සහ කාල ජිතේඩි අත්අඩංගුවෙන් මිදී පැනයෑම වැළැක්වීම සඳහා පොලිසියේ 250කට වැඩි පිරිසකගෙන් යුතුව අධි ආරක්ෂාවක් යොදා තිබූ බවත් ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

දිල්ලි පොලිසියේ විශේෂ කණ්ඩායම් සහ අපරාධ අංශයේ කණ්ඩායම් කිහිපයක් ආයුධ සන්නද්ධව උත්සව ශාලාව අවට රැකවල් යොදා තිබූ බවද මාධ්‍ය වාර්තාවල දැක්වේ.

ඒ සඳහා අධි තාක්ෂණයෙන් යුතු ආයුධ අතැතිව කමාන්ඩෝ බළකායේ නිලධාරීන් ද, පොලිස් සුනඛයන් ද යොදවා තිබූ බව වැඩිදුරටත් වාර්තා වේ. මීට අමතරව සීසීටීවී කැමරා විශාල ප්‍රමාණයක් සවි කර තිබු බවත්, ඩ්‍රෝන මඟින් විවාහ උත්සවයේ සියලු ක්‍රියාකාරකම් අධීක්ෂණය කරමින් තිබූ බවත් වාර්තා වේ.

එම විවාහ උත්සවය සඳහා ආරාධිතයන් 250කට ඇරියුම් කර ඇති අතර, සියලු ආරාධිතයන් පරීක්ෂාවට ලක් කිරීමට සහ උත්සවයට එක් වී සිටි වේටර්වරුන්ට වෙනම හැඳුනුම්පත් නිකුත් කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ.

වීඩියෝ

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved