ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසය විසින් සංවිධානය කරන වතුකර දෙමළ ජනතාවගේ සංක්‍රමණයේ 200 වැනි සංවත්සර උළෙලේ ප්‍රධාන අමුත්තා ලෙස ඉන්දීය මුදල් ඇමැතිනී නිර්මලා සීතාරාමන් මහත්මිය සහභාගි වනු ඇතැයි රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග වලින් වාර්තා වේ.
නොවැම්බර් මස 02 වැනිදා කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවැත්වෙන කම්කරු කොංග්‍රසය සංවිධානය කරන ප්‍රධාන උත්සවයට ඉන්දීය මුදල් අමාත්‍යවරියට අමතරව කේරළ මහ ඇමැති පින්රායි විජයන් මහතා ද තමිල්නාඩු ප්‍රාන්ත අමාත්‍යවරුන් ගණනාවක්ද ඇරයුම් ලබා ඇති බව පැවසේ.
බ්‍රිතාන්‍ය පාලන සමයේ වර්ෂ 1823 දී වතුකරයේ තේ වගා කටයුතු සඳහා දකුණු ඉන්දීය වතු කම්කරු ප්‍රජාව මෙරටට කැඳවීමේ 200 වැනි සංවත්සරය උත්සවශ්‍රීයෙන් සැමරීමට වතු කම්කරු කොංග්‍රසය පක්ෂය දැනටමත් සැලසුම් කර තිබේ.