පුවත්

ඉන්දීය සම්භවයක් සහිත රිෂී මැතිවරණ පරාජයේ වගකීම බාරගනියි

Published

on

ජාතික මැතිවරණයේදී බ්‍රිතාන්‍ය කොන්සෙවටිව් පක්ෂය ලැබූ පරාජයේ වගකීම තමා භාරගන්නා බව රිෂි සුනක් පවසයි.

මැතිවරණයේ මෙතෙක් නිකුත්කර ඇති ප්‍රතිඵල විශ්ලේෂණය කළ විචාරකයින් පවසන්නේ කම්කරු පක්ෂය ආසන 170ක පමණ බහුතරයකින් ජයගැනීමට ඉඩ ඇති බවයි.

ඒ අනුව Keir Starmer බ්‍රිතාන්‍ය අගමැති ධුරය සඳහා පත්වීමට නියමිත අතර කම්කරු පක්ෂය බ්‍රිතාන්‍යයේ බලය ලබාගෙන ඇත්තේ වසර 14කට පසුව වීම විශේෂත්වයකි.

ලන්ඩනයේ සිට සිය පාක්ෂිකයින් අමතමින් Starmer පැවසුවේ “වෙනස දැන් ඇරඹෙනවා” යනුවෙනි.

තවත් ආසන 150ක පමණ ප්‍රතිඵල නිකුත් කිරීමට නියමිතව ඇත.

ඉන්දීය සම්භවයක් සහිත රිෂි සුනාක් මහා බ්‍රිතාන්‍යයේ අගමැතිවරයා ලෙස පත්වූයේ 2022 ඔක්තෝබර් මාසයේදීය.

Trending

Exit mobile version