පුවත්

ඉරාන විදේශ ඇමති ලංකාවට !

Published

on

විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය හොසේන් අමීර් අබ්දොල්ලාහියන් මහතා තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබේ.

ඉරාන විදේශ අමාත්‍යවරයා ඇතුළු 20 දෙනෙකුගෙන් පමණ සමන්විත දූත පිරිස ඊයේ (19) රාත්‍රී දිවයිනට පැමිණියේය.

ඉරානයේ ටෙහෙරාන් අගනුවර සිට එරට රජයට අයත් විශේෂ ගුවන් යානයකින් දිවයිනට පැමිණි මෙම පිරිස විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා විසින් පිළිගනු ලැබීය.

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතාගේ ආරාධනයක් මත දිවයිනට පැමිණි ඉරාන විදේශ කටයුතු අමාත්‍යවරයා ලබන 21 වනදා දක්වා මෙරට රැඳීසිටීමට නියමිතය.

සිය සංචාරයේ දී ඔහු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ මෙන්ම විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා සමඟ ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.

Trending

Exit mobile version