ඉරානය, ඊශ්‍රායලයට බැලැස්ටික් මිසයිල 180 ක් යොදා ගෙන ප්‍රහාරයක් එල්ල කර ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ.
ඉරානයෙන් මිසයිල එල්ල වෙද්දී, එවැනි ප්‍රහාරයකට සූදානමින් සිටි ඊශ්‍රායල මිසයිල ආරක්ෂක පද්ධතිය වහා ක්‍රියාත්මක කර තිබේ.
එම ආරක්ෂිත පියවරත් සමඟ මිසයිල ප්‍රහාර වළක්වා ගැනීමට ඊශ්‍රායලයට හැකියාව ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එසේ වුවත්, අනතුරු ඇඟවීමේ නළා නාද වෙද්දී ඊශ්‍රායල වැසියන් බියට පත් වී ආරක්ෂක ස්ථාන වෙත දිවගිය අයුරු ද මාධ්‍ය වාර්තා කර තිබිණි.
ඉරාන මිසයිල ආරක්ෂක පද්ධතියට හසු නොවුණු මිසයිල කීපයක් ඊශ්‍රායලයට පතිත වූ නමුත් එයින් සැලකිය යුතු හානියක් සිදු නොවුණු බව ද පැවැසෙයි.