Connect with us

පුවත්

ඉරාන ජනපතිගේ ලංකා සංචාරයට ඇමරිකාවේ විරෝධය

Published

on

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීමේ නිල උත්සවය සඳහා ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසිගේ සංචාරය සම්බන්ධව මෙරට ඇමරිකානු තානාපති කාර්යාලයේ ඉහළ පෙළේ නිලධාරීන් ශ්‍රී ලංකා රජයට විරෝධය පළකර ඇති බව “අරුණ” පුවත්පත වාර්තා කර තිබේ.

මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය ඊයේ (17) සහ පෙරේදා (16) පැමිණ ඇති ඇමරිකානු තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් මෙලෙස තම විරෝධය පා ඇතැයි ඉහළ පෙළේ ආරංචිමාර්ග සනාථ කරණ බවද එහි දැක්වේ.

ඉරාන ජනාධිපතිවරයාගේ මෙරට සංචාරය පිළිබඳව පූර්ව ආරක්ෂක කටයුතු සොයා බැලීම සඳහා ඉරාන ආරක්ෂක අංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරී කණ්ඩායමක් ඊයේ (17) දිවයිනට පැමිණ ඇති බද එම වාර්තා වේ වැඩිදුරටත් දැක්වේ.

එහි වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.

ඉරාන ජනාධිපතිවරයා රැගත් යානය මත්තල ගුවන් තොටුපොළ වෙත ගොඩ බස්සවා දැඩි ආරක්ෂක විධිවිධාන යටතේ උමා ඔය දක්වා රැගෙන ගොස් නැවත එදිනම (24) රටින් පිටව යාමට නියමිතව ඇත.

ඉරාන ජනාධිපතිවරයාගේ සංචාරයට ආරක්ෂාව සැපයීම සඳහා ගත යුතු ආරක්ෂක විධිවිධාන සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්නගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) පැවැත්විණි. මෙයට සමගාමීව මත්තල ගුවන් තොටුපොළ වෙත පූර්ව ආරක්ෂක සැලසුම් සකස් කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරින් පිරිසක් මත්තල ගුවන් තොටුපොළට පැමිණ තිබිණි.

ඉරාන ජනාධිපතිවරයාගේ මෙම සංචාරය සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ මොසාඩ් ඔත්තු සේවාව මෙන්ම ඇමරිකානු එෆ්.බී.අයි. ඔත්තු සේවාව දැඩි අවධානයෙන් සිටින බව රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙයට සමගාමීව මෙරට සියලුම බුද්ධි ඒකක ඉරාන ජනාධිපතිවරයාගේ සංචාරයේ ආරක්ෂක කටයුතු සඳහා එක්වන බවත්, යුද හමුදා කමාන්ඩෝ ඒකකය ප්‍රභූ ආරක්ෂාව භාරව කටයුතු කරන බවත් ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ‘අරුණ’ කළ විමසුමකදී පැවැසීය.

2023 සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතීන්ගේ සමුළුව සඳහා එක්වූ මොහොතේදී ඉරාන ජනාධිපතිවරයා සමග උමා ඔය ව්‍යාපෘතිය ගැන කළ සාකච්ඡාවකදී ඉරාන ජනාධිපතිවරයා මෙරට සංචාරයට පැමිණීමට කැමැත්ත පළකර ඇත. එහිදී මෙම ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම සඳහා එක්වන ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ කළ ආරාධනය පිළිගත් ඉරාන ජනාධිපතිවරයා ඉකුත් ජනවාරි මාසයේදී මෙම සංචාරය ගැන දැනුම් දී තිබිණි. ඒ අනුව ලබන 24 වැනිදා ඉරාන ජනාධිපතිවරයා මෙරටට පැමිණීම ගැන ස්ථීර කර ඇත. කෙසේ වෙතත් විදේශ කටයුතු අමාත්‍යාංශ මාධ්‍ය ඒකකය පැවැසුවේ මෙම සංචාරය ගැන නිශ්චිතව විදේශ අමාත්‍යාංශයට තහවුරු කර නොමැති බවය.

උමා ඔය සංවර්ධන ව්‍යාපෘතියට මුල්ගල තැබුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලන සමයේය. එම කාලයේ ඉරාන ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ අහමදිනේජාඩි එම අවස්ථාවට එක්වීම විශේෂත්වයක් විය.

අරගල සමයේදී සහ ආර්ථිකය කඩා වැටීමත් සමග ඉරානය ශ්‍රී ලංකාවට ඉන්ධන ලබාදුන් අතර ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉරානයට තේ කොළ අපනයනය කරන ලදී. ආර්ථික අර්බුදයේදී ඉරානය ලබාදුන් සහයෝගය ජනාධිපති රනිල් වික්‍රමසිංහ අගය කළේ ඉරාන ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ සමුළුවේදී හමුවූ අවස්ථාවේදීය.

පුවත්

ගොවි විශ්‍රාම වැටුප ගැන නිවේදනයක්

Published

on

By

විශ්‍රාම වැටුප් අහිමිවී සිටින ගොවීන් සඳහා මේ මස සිට එම විශ්‍රාම වැටුප් ලබාදීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇති බව ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

සිය ගැටලුව සම්බන්ධයෙන් ගොවීන් රජය වෙත කළ ඉල්ලීම් සලකා බලා එම විශ්‍රාම වැටුප් ගෙවීමට පියවර ගෙන ඇති බව එම මණ්ඩලය සඳහන් කළේය.

2012 /2013 කාලය තුළ ගොවි විශ්‍රාම වැටුප් අරමුදලට සිදුවු බලපෑම හේතුවෙන් විශ්‍රාම වැටුප් ගෙවීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවීම මත විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට දායක වී සිටින ගොවීන්ගේ පසුවාරික අයකිරීමේ ක්‍රියාවලිය අඩාල වී ඇති බව සඳහන්ය.

මෙම තත්ත්වය හේතුවෙන් එම යෝජනා ක්‍රමය යටතේ දායකත්වය ලබා සිටි ගොවීන්ට වාරික නිසි පරිදි ගෙවීමට නොහැකි වී තිබේ.

මේ හේතුවෙන් වයස අවුරුදු 60 සම්පුර්ණ වන අවස්ථාවේ දී නොකඩවා කන්න දෙකක් තුළ වාරික 5ක් නියමිත දිනට නොගෙවීම මත ගෙවිය යුතු සම්පුර්ණ වාරික මුදලින් සියයට 75කට නොඅඩු වාරික ප්‍රමාණයක් ගෙවා ඇති ගොවීන්ට වැටුප් හිමිකම් අහිමි වී තිබුණි.

කෙසේවෙතත් මෙම වාරික ගෙවීමට නොහැකි වීම ගොවීන්ගේ අතපසුවීමක් නොවන බව ගොවි ජන රක්ෂණ මණ්ඩලය පෙන්වා දුනි.

ඒ අනුව අදාළ ඉල්ලීම් සලකා බලා සියයට 75ට වැඩි වාරික මුදලක් ගොවි විශ්‍රාම වැටුප් ලබා ගැනීම සඳහා ගෙවා ඇති ගොවීන් වෙනුවෙන් අදාළ වාරික මුදලට ගැලපෙන ප්‍රතිශතාත්මක මුදලක් විශ්‍රාම වැටුප ලෙස ලබා දීම සම්බන්ධයෙන් කෘෂි කර්ම අමාත්‍යවරයා දැනුවත් කර තිබේ.

ඒ අනුව ගොවි විශ්‍රාම වැටුප් උපදේශක කාරක සභාව වෙත යොමුකර එහි නිර්දේශ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව මාසිකව ගොවි විශ්‍රාම වැටුප් ලබා ගැනීමේ අවස්ථාව මේ මස සිට ගොවීන්ට ලබාදීමට කටයුතු සංවිධානය කර ඇති බව ගොවි ජන රක්ෂණ මණ්ඩලය සඳහන් කළේය.

Continue Reading

පුවත්

කරදියාන කසළ අංගනයේ ගින්නක්

Published

on

By

පිළියන්දල කරදියාන කසළ අංගනයේ ගින්නක් හටගෙන ඇතැයි පිළියන්දල පොලිසිය පවසයි.

ගින්න නිවීම සඳහා මොරටුව නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ ජල බව්සර් හතරක්, ගිනි නිවීමේ රථ දෙකක් සහ ගිනිබටයන් 15කුත් කණ්ඩායමක් ඒ සඳහා යොමු කර ඇති බව එහි ස්ථාන භාර නිලධාරී දුල්සිරි කුමාර මහතා පැවසුවේය.

Continue Reading

පුවත්

වෛද්‍ය මහේෂි තවදුරටත් රිමාන්ඩ්

Published

on

By

අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න මහත්මිය තවදුරටත් ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත් කර සිටි තවත් සැකකරුවන් දෙදෙනෙකු ඇප මත මුදාහරන ලෙසද අධිකරණය නියම කළේය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ විත්තියේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය මෙම නියෝගය නිකුත් කළාය. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved