ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරු ධූර 4ක් පුරප්පාඩු වී සෑහෙන කලක් ගත වී ඇතත් මේ දක්වා එම තනතුරු සඳහා සුදුස්සන් තෝරා පත්කරගෙන නොමැත.
මෙයට මසකට පමණ පෙර විශ්‍රාම ගත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතා වෙනුවට ශ්‍රේෂ්ඨාධිකරණයට මෙතෙක් විනිසුරුවරයකු පත්කර නැත.
එසේම අභියාචනාධිකරණයේ (ඇපැල් උසාවියේ) විනිසුරුවරුන් වූ ප්‍රශාන්ත සිල්වා, එන්.ඩී. කීර්තිසිංහ සහ නීල් ඉද්දවෙල යන විනිසුරුවරුන් විශ්‍රාම ගැනීමෙන් හටගත් පුරප්පාඩු සඳහා ද විනිසුරුවරුන් පත්කර නොමැත.
මෙම පත්වීම් සඳහා සුදුසු නම් ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නිර්දේශ කළ යුතුය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ ජනාධිපතිවරයාට ලැබුණු පසු නව පත්වීම් සිදුකිරීම නීතිමය සම්ප්‍රදාය වෙයි.
මේ සඳහා ජනපතිවරයා විසින් නම් යවා නැතැයි ද මේ අතර වාර්තා වේ.