පුවත්

ඊලොන් මස්ක් ට්විටර් මිලදී ගනී

Published

on

ලොව ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඊලොන් මස්ක් ට්විටර් සමාජ මාධ්‍ය ජාලය මිලදී ගැනීමේ ගණුදෙනුව සම්පූර්ණ කර ඇති බව වාර්තා වේ.

මෙම ගණුදෙනුවේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 44ක් යැයි පැවසේ.

මේ බව ඔහු සිය ට්විටර් ගිණුමේ ද සටහනක් තබා ඇත.

මේ දක්වා ට්විටර් සමාගම විසින් තවමත් නිල වශයෙන් නිවේදනයක් නිකුත් කර නොතිබුණද, එම ගණුදෙනුව සම්පූර්ණ කර ඇති බව එම සමාගමේ ආයෝජකයෙකු පැවසූ බව බීබීසී ලෝක සේවය වාර්තා කරයි.

එහි විධායක ශ්‍රේණියේ නිලධාරීන් කිහිපදෙනෙකුම මේ විට ඉවත් කර ඇති බවද විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

Trending

Exit mobile version