පුවත්

උඩරට දුම්රිය ගමන්වලට බාධාවක් !

Published

on

උඩරට දුම්රිය මාර්ගයේ වටගොඩ සහ තලවකැලේ අතර සිදුවූ දුම්රිය පීලිපැනීමක් හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන් බදුල්ල දක්වා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියේ එන්ජිම පීලිපැනීමට ලක්ව ඇති බව නියෝජ්‍ය දුම්රිය සාම්‍යාධිකාරී එම්.ජේ.  ඉදිපොලගේ මහතා සඳහන් කළේය.

මේ හේතුවෙන් උඩරට මාර්ගයේ ධාවන කටයුතු කොටගල දක්වා සීමාකර තිබේ.

එමෙන්ම මඟීන්ගේ පහසුව සඳහා බස් රථ යොදවා ඇති බව ද එම්. ජේ. ඉදිපොලගේ මහතා සඳහන් කළේය.

මේ අතර කුඹුරුගමුව සහ වැලිගම අතර දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කිහිපයක් ද ප්‍රමාද වී තිබේ.

Trending

Exit mobile version