එළැඹෙන උත්සව සමයට සමගාමීව දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා පොලීසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, ඒ සඳහා වැඩබලන පොලිස්පතිවරයා විසින් මේ වන විටත් විශේෂ චක්‍රලේඛ දෙකක් නිකුත් කර ඇති බවයි.
ඒ අනුව මහජනතාව වැඩිපුර ගැවසෙන ස්ථානවල සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් ආරක්ෂාව සඳහා යොදවා ඇති බව නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.
එමෙන්ම නත්තල් දිනය දා දේව මෙහෙයන් සඳහා පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කතෝලික දේවස්ථානවලද විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ඒ මහතා ප්‍රකාශ කළේය.
මේ අතර, එළැඹෙන උත්සව සමය වෙනුවෙන් හෙට (22) සිට විශේෂ බස් සහ දුම්රිය සේවාවක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බව වාර්තා වේ.
නත්තල් උත්සවය, පාසල් නිවාඩුවත් සමඟ ගම්බිම් බලා පිට ව යන ජනතාව වෙනුවෙන් එම විශේෂ බස් හා දුම්රිය සේවාව ක්‍රියාත්මක කර ඇති බව සඳහන්ය.
ඒ අනුව හෙට සිට දුරගමන් සේවා සඳහා අතිරේක බස් රථ 100ක් යෙදවීමට නියමිත බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.
සබැඳි පුවත් :
දිගු සතිඅන්ත නිවාඩුවට විශේෂ දුම්රිය ධාවනයක්