පුවත්

උතුරු දුම්රිය අද ගමන් අරඹයි

Published

on

උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුර – මහව අතර කොටසේ දුම්රිය ධාවනය අද (28) සිට යළි ආරම්භ වේ.

ඒ, මහව සහ අනුරාධපුරය අතර දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු අවසන් වීමත් සමඟය.

ඒ අනුව උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රවේශපත්‍ර වෙන් කරවා ගැනීමද, මේ වන විට ආරම්භ කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ගමනාගමන අධිකාරි එන්.ජේ. ඉදිපොලගේ මහතා පවසයි.

දුම්රිය ගමනා ගමනය ආරම්භ කිරීමත් සමග හරස් මාර්ග භාවිත කරන ජනතාව විමසිලිමත්ව කටයුතු කරන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන සිදුකර ආකාරය පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිකුත්කළ නිවේදනය පහතින්,

Trending

Exit mobile version