පුවත්

එක්සත් ජනපද අද්මිරාල්වරයකු ශ්‍රී ලංකාවට

Published

on

වසර 2021න් පසු ශ්‍රී ලංකාවට පැමිණෙන ඉහලම මට්ටමේ හමුදා සංචාරය සනිටුහන් කරමින්, එක්සත් ජනපද නාවික හමුදාවේ තරු 4 ලාභී අද්මිරාල්වරයකු වන සහ එක්සත් ජනපද පැසිෆික් බලඇණියේ අණදෙන නිලධාරි අද්මිරාල් ස්ටීව් කේලර්, ඔක්තෝම්බර් මස 10 වැනි දින ශ්‍රී ලංකාවට පැමිණෙන බව ශ්‍රී ලංකාවේ  එක්සත් ජනපද තානාපති කාර්යාලය සතුටින් නිවේදනය කරයි.

මෙම සංචාරයේදී අද්මිරාල් කේලර් විසින් සවිමත්,තිරසාර, නිදහස් සහ විවෘත ඉන්දු පැසිෆික් කලාපයක් සඳහා, එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර පවතින ශක්තිමත් සහයෝගිතාවය යළි තහවුරු කරනු ඇත.

අද්මිරාල් කේලර් ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ ඉන්දීය සාගර කලාපයේ වර්ධනය වන ආරක්ෂක අභියෝග පිළිබඳව සාකච්ඡා කිරීම,සමුද්‍රීය වසම් පිලිබඳ දැනුවත් වීම, ආපදා ප්‍රතිචාර දැක්වීම පිළිබඳ සහයෝගීතාව ශක්තිමත් කිරීම, සහ අන්තර්ජාතික තර්ජනවලට  එරෙහිව ශ්‍රී ලංකාවට සහාය දැක්වීම සඳහා වන එක්සත් ජනපදයේ ඇති කැපවීම නැවත
තහවුරු කිරීමට මෙන්ම එක්සත් ජනපද සහ ශ්‍රී ලංකා හමුදාවන් අතර සහයෝගීතාව වර්ධනය කිරීම පිළිබඳවද සාකච්ඡා පවත්වනු ඇත.

ඉන්දු පැසිෆික් කලාපයේ සාමය සහ ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීමේ ප්‍රධාන
හවුල්කරුවෙකු වන ශ්‍රී ලංකාව සමඟ ආරක්ෂක සබඳතා ශක්තිමත් කිරීම සඳහා එක්සත් ජනපදයේ ඇති , දැඩි කැපවීම මෙම සංචාරය මගින් අවධාරණය කෙරේ.

Trending

Exit mobile version