Connect with us

පුවත්

ඔලිම්පික් ගිනිසිළුව ශ්‍රී ලාංකිකයෙක් අතට

Published

on

ඔලිම්පික් ගිනි සිළුව රැගෙන යාමේ අවස්ථාව ශ්‍රී ලාංකීකයෙකු වන තර්ෂන් සෙල්වරාජාට  හිමිව තිබේ.

සාමාන්‍ය පුරවැසියන්ගේ සිට ප්‍රභූවරුන් දක්වා 10,000 කට පමණ පිරිසකට රට පුරා, එහි රිලේ කොටසක් සඳහා ගිනිසිළුව සහිත පන්දම රැගෙන යෑමේ අවස්තාව  හිමිවන අතර ඒ අනුව ශ්‍රී ලාංකිකයෙකු වන තර්ෂන් සෙල්වරාජාට ද මෙකී අවස්ථාව හිමි ඇත.

මේත් සමඟින් මෙම ගිනිසිළුව රැගෙන යෑමේ ගෞරවයට පාත්‍ර වූ ප්‍රථම ලාංකිකයා ලෙසයි තර්ෂන් ඉතිහාසයට එක්වේ.

ශ්‍රී ලංකාවේ උපන් දැනට පැරීසියේ ජීවත් වන තර්ෂන් සෙල්වරාජා වෘත්තියෙන් බේකරි හිමිකරුවෙක් වන අතර පැරීසිය පුරාම ප්‍රසිද්ධත්වයට පත්ව ඇත්තේ ඔහු නිශ්පාදනය කරන තුනී පාන් විශේෂයක් වන baguette  හේතුවෙනි.

ප්‍රංශයේ රජ මැදුරට වාර්ෂිකව baguette ලබා දෙන්නා වන්නේ ද තර්ෂන් ය.

ප්‍රංශයේ පැරිස් නුවර පැවැති ‘Grand Prix de la Baguette de Traditional Francaise de la Ville De Paris’’ නම් තරගයෙන් ජය ගැනීම සමඟ හොඳම පැරිසියානු  baguette යන කීර්තිමත් නාමය හිමිකර ගැනීමට ඔහු සමත් වූයේය.

තමාට ලැබුන මේ අවස්ථාව ගැන තර්ෂන් මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කර තිබුණි.

“මේක පුදුම සහගත දෙයක් මට. මේ වෙනුවෙන් මාව තෝරගත්ත එකට ස්තූතියි. ඔලිම්පික් කමිටුවේ හිටිය ක්‍රීඩා අමාත්‍යවරයා තමා මාව තෝරගෙන තිබුණේ. මේ ගැන හිතුවාම ගොඩාක් සතුටයි. ප්‍රංශයේ දහස් ගණන් ජනතාවක් ඉන්නවා. මම ගොඩාක් වාසනාවන්තයි මේ අවස්ථාව ලැබුණ එකට. කොහෙදී ද ගිනි සිළුව මට ලැබෙන්නේ කියලා මම දන්නේ නැහැ. නමුත් ජූලි මස 15වැනිදා ගිනි සිළුව පැරිසියට එනවා.”

පුවත්

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ මහජන අදහස් විමසීම අද

Published

on

By

මෙරට පුනර්ජනනීය සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනාගැනීම සඳහා මහජන උපදේශනයක් අද (02) පැවැත්වෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එම කොමිසම නිවේදනය කළේ, අද උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පාර්ශවකරුවන්ගේ අදහස් වාචිකව ලබා ගැනීමට නියමිත බවය.

2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ 17 වන වගත්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්ය.

මේ අතර සූර්ය බල ඉදිකිරීම් සංගමයේ සභාපති වෛද්‍ය ශ්‍යාම් පතිරාජ මහතා පැවසුවේ මෙරට මෙරට පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති අර්බුදය සම්බන්ධයෙන් පර්ශවකරුවන් රැසක් එහිදී කරුණු දැක්වීමට නියමිත බවය.

පුනර්ජනනීය බල ශක්තියේ කිසිදු කප්පාදුවක් ආණ්ඩුව විසින් සිදුකර නොමැති බව රවීන්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීවරයා පවසයි.

Continue Reading

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි 

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

Continue Reading

පුවත්

IMF ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට විධායක මණ්ඩලයේ අනුමැතිය

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සඳහා වන මාස 48ක විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) විධිවිධානය යටතේ සිව්වන සමාලෝචනය ඊයේ (01) දින සම්පූර්ණ කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට වි.ගැ.හි. මිලියන 254ක්, එනම් එක්සත් ජනපද ඩොලර් මිලියන 350ක් පමණ වෙනුවෙන් ප්‍රවේශය හිමිවන අතර මේ දක්වා මෙම විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ ලබා දී ඇති මුළු මූල්‍යාධාර ප්‍රමාණය ඩොලර් බිලියන 1.74ක් දක්වා ඉහළ යනු ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝජියෝ මහතා විසින් මේ බව නිවේදනය කර සිටී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved