පුවත්

ආශාට ඇප දෙයි ! (Update)

Published

on

රැකියා සඳහා ඕමානයට ගිය කාන්තාවන් ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාරියක් ඇප මත මුදාහැරීමට අධිකරණය නියෝග කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ආශා දිසානායක නමැති එම සැකකාරිය අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා මෙම නියෝගය ලබාදී ඇත.

(මුල් පුවත 2022.11.21 ප.ව 12:07)

ඕමාන මිනිස් ජාවාරමට සම්බන්ධ කතක් CID අත්අඩංගුවට

රැකියා ලබාදෙන බව පවසමින් සංචාරක වීසා මත මෙරට කාන්තාවන් ගෙන්වාගෙන ඕමානයේ සිදුකරගෙන ගිය මිනිස් වෙළෙඳාමට සම්බන්ධ සැකකාරිය අද (21) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණ භාරවීමෙන් අනතුරුවය.

මෙම ජාවාරමට සම්බන්ධ 45 හැවිරිදි උප ඒජන්තවරයෙකුත් වෙළඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රිය අපරාධ විමර්ශන කොට්ඨාසය භාරයට ගැනුණේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ දියි.

එමෙන්ම ඕමානයේ සහ ඩුබායි හි රැකියා ලබාදෙන බව පවසා මිනිස් ජාවාරමේ නිරත වීමේ චෝදනාව මත පෙරේදා කටුනායක ගුවන්තොටුපලේ දී මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගනු ලැබුණි.

Trending

Exit mobile version