සංචාරක වීසා මගින් කාන්තාවන් ඕමානයට ගෙන්වා කරන ජාවාරමට එරෙහි වූ නිසා තමාට මරණ තර්ජන පවා එල්ල වූ බවත්, තමා ධුරයෙන් ඉවත් කිරීමට “ඩුබායි සුද්දා” නමැත්තකු කටයුතු කරමින් සිටින බවත් වැඩතහනමට ලක් වූ ඕමාන තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම් ඊ. කුෂාන් විදේශ රැකියා ඇමැති මනුෂ නානායක්කාරට ලිපියකින් දන්වා තිබේ.
ඩුබායි සුද්දා නමැත්තා ඇතැම් කාන්තාවන් මාර්ගයෙන් වැරැදි තොරතුරු සමාජ මාධ්‍යයට එක්කර ඇතැයි ඔහු සිය ලිපියෙන් පෙන්වා දී ඇත.
මේ අතර, තමාට මරණ තර්ජන එල්ලවී ඇතැයි ඩුබායි සුද්දා නමින් හඳුන්වන රන්තැටිගේ නිශ්ශංක මාධ්‍යට ප්‍රකාශයක් කර තිබේ.