ඇප මත මුදා හැර සිටියදී විදෙස් රටකට පැනගොස් ඇතැයි කියන සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මතද්‍රව්‍ය ජාවාරම්කාරයකු වන මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන් යන අයගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම සෙල්වකුමාර් රංජිත් නැමැත්තා මෙහෙයවා ඇති බවට මාධ්‍ය වාර්තා පැතිර තිබේ.
මේ අතර, කංජිපානි ඉම්රාන්ගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවනු ලබන කාන්තාවක් හා පුද්ගලයෝ දෙදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි ද වාර්තා වේ.
රාගම, වැලිසර සහ වැල්ලම්පිටිය ප්‍රදේශවල පදිංචි කාන්තාවක සහ පුද්ගලයන් දෙදෙනෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.