පුවත්

කංජි පානිගේ පියාට කෙටූ “මන්න කන්නා” වෙඩි කෑවේ කුඩ්ඩන්ගෙන්!

Published

on

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන මාරිමුත්තු ගනේෂ් රාජා නොහොත් “මන්න කන්නා” නමැත්තාට ග්‍රෑන්ඩ්පාස්, නවගම්පුර ප්‍රදේශයේදී වෙඩි තබා තුවාල සිදු කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.

මොවුන් කුඩු ජාවාරම් සම්බන්ධයෙන් සම්බන්ධකම් ඇති අය බව පැවසේ.

එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ පොල්ගස්ඕවිට ප්‍රදේශයේ නිවෙසක සැඟව සිටින බවට ලද තොරතුරක් අනුව කළ වැටලීමකදීය.

මන්න කන්නා නමැත්තා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කංජිපානි ඉම්රාන්ගේ පියාට මන්නයකින් පහරදී බරපතළ තුවාල සිදු කිරීම ඇතුළු තවත් පුද්ගලයන් රැසකට තියුණු ආයුධවලින් පහරදී තුවාල සිදු කිරීමේ චෝදනා ලද පුද්ගලයෙක් බවත් පොලිසිය පවසයි.

වරින් වර පදිංචි ස්ථාන වෙනස් කරමින් රැඳී සිටි මෙම පුද්ගලයා නවගම්පුර ප්‍රදේශයට ඉකුත් 19 වැනිදා මත්කුඩු පානය කිරීම සඳහා පැමිණි අවස්ථාවේදී යතුරු පැදියකින් පැමිණ තිබූ නාඳුනන පුද්ගලයන් දෙදෙනකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර තිබූ බව පොලිසිය සඳහන් කරයි.

එම වෙඩි ප්‍රහාරයෙන් මන්න කන්නා නමැත්තාගේ හිසට සහ අතකට බරපතළ තුවාල සිදු වී තිබූ අතර ඔහු මේවන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි.

Trending

Exit mobile version