වැලිකන්ද, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පළාගිය රැඳවියන් 37 දෙනෙකු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා කියා සිටී.
කෙසේවුවද, මේවන විට එම පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පළාගිය රැඳවියන්102ක් පොලිස් භාරයට ගෙන තිබේ.
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පළාගිය රැඳවියන් පිරිසක් සොයා ඊයේ (11) පස්වරුවේ සිට විශේෂ මෙහෙයුමක් දියත් කෙරිණි.
ඔවුන්ගෙන් විශාල පිරිසක් පොලීසියට භාර වුයේ පොළොන්නරුව පෙරියාරු පාලම අසලදීය.
දීර්ඝ කාලීනව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් අධිකරණ නියෝග අනුව පුනරුත්ථාපනය සඳහා එම මධ්‍යස්ථානයේ රඳවා සිටී.
සබැඳි පුවත්
කන්දකාඩුවලින් පැන්න 15ක් අල්ලයි; තවත් පිරිසක් කැලෑවට පැනලා