කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පළා ගොස් සිටි රැඳවියෙක් මිය ගොස් තිබේ.
පසුගිය 7 වැනිදා කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් හටගත් නොසන්සුන්තාවක් අතරතුර රැඳවියන් පිරිසක් ඉන් පළා ගොස් තිබුණි.
පොලීසිය පැවසුවේ පසුගිය 10 වනදා වැලිකන්ද ත්‍රිකෝණ කන්ද රක්ෂිතයේ අතරමංව සිටියදී මෙම පුද්ගලයා පොලීසියට සහ හමුදා නිලධාරීන්ට හමුවී ඇති බවය.
දින කිහිපයක් නිරාහාරව සිට ඇති ඔහු පොළොන්නරුව රෝහලට ඇතුළු කිරීමෙන් පසු ඊයේ (11) රාත්‍රියේ මිය ගොස් තිබේ.
මියගොස් ඇත්තේ වයස අවුරුදු 31ක කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය විසින් පුනරුත්ථාපනය සඳහා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත යොමු කළ පුද්ගලයෙකි.